Citizen.lk
 

තරඟ පාවාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට යයි

තරඟ පාවාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට යයි | sri lanka cricket fizer musthafa
Fri 08 June 2018 2:24 pm
451 views

 

තරඟ පාවාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවට ඒකවෙමින්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සිදුකල සාකච්ඡාවේ කරුණු පිළිබඳවඳ අමාත්‍යවරයා එහි දී පැහැදිළි කළා.

“උසාවියේ නඩුවක් හේතුවෙන් නිලවරණය පැවැත්වීමට නොහැකිවීම ගැන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අපි පැහැදිලි කිරීම් කිහිපයක් සිදු කළා.

ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා අපි ඉතාමත් සුහදව සාකච්චා කළා. අතුරු කමිටුවක් පත් නොකරන ලෙස කිසිම යෝජනාවක් ඔවුන් අපිට ඉදිරිපත් කළේ නැහැ. එය ඉතාමත් සාර්ථක සාකච්ඡාවක්. උසාවිය දීපු තීන්දුව නිසා අපිට මේ වන විට නිලවරණයක් පැවැත්වීමට නොහැකියි.

ඒ නිසයි මම නිසි බලධාරියෙකු ඊට පත්කළේ. අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඒ කටයුතු ගැන පැහැදිලි කළා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ ඉලක්කය පුළුවන් තරම් ඉක්මනට නිලවරණය පවත්වන්නයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අපි අපේ කරුණු ඉදිරිපත් කළා. ඔවුන් අපිට ඔවුන්ගේ කරුණු ඉදිරිපත් කළා.

ඒ වගේම තරග පාවාදීම සම්බන්ධයෙන් අපි අලුත් කෙටුම්පතක් ගේන්න යෝජනා කරලා තියෙනවා. අනාගතයේදී තරග පාවාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මම කැබිනට් මණ්ඩලයට අලුතෙන් කබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටත් අපේක්ෂා කරනවා“


මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරී කමල් පද්මසිරි මහතා ඊයේ මාධ්‍යවේදීන් අමතා සඳහන් කර තිබුණේ ගාල්ල ක්‍රීඩාංගණයේ තරග පාවාදීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ජාවාරම්කරුවන්ව නීතියේ රැහැනට හසු කරගැනීමට පියවර ගන්නා බවයි.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් සමග මමත්, ක්‍රීඩා අමාත්‍යවරයාත්, ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාත් සාකච්ඡා කළා. අතුරු තහනම් නියෝගය පිළිබඳව අපි ඒ අයව දැනුවත් කළා. ඊළඟ නඩු වාරයේදී ලැබෙන තීන්දුව අපි ඔවුනට දැනුම් දෙනවා. ඊට අමතරව වැදගත් කරුණක් අපි සාකච්ඡා කළා. ඒ ගාල්ල ක්‍රීඩාංගණයේ තරග පාවාදීම පිළිබඳව.

ඔවුන් එහිදී සඳහන් කළා රජයක් විදිහට මීට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. අපි අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කරලා මේ ජාවාරම්කරුවන්ව නීතියේ රැහැනට හසු කරගැනීමට නීතිමය විධි විධාන ගන්නවා“

යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරීයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News