Citizen.lk
 

නයි පෙන්නපු බංගලියන්ට ඇෆ්ගන් කාණ්ඩායමෙන් අමතක නොවන පාඩමක් - සමියුල්ලා ගේ සුපිරි පිතිහරඹයත් සමඟ 20 යි 20 තරගාවලිය ජයගත්තේ මෙහෙමයි - Video

නයි පෙන්නපු බංගලියන්ට  ඇෆ්ගන් කාණ්ඩායමෙන් අමතක නොවන පාඩමක් - සමියුල්ලා ගේ සුපිරි පිතිහරඹයත් සමඟ 20 යි 20 තරගාවලිය ජයගත්තේ මෙහෙමයි - Video | Highlights, Afghanistan vs Bangladesh, 2nd T20I
Wed 06 June 2018 10:50 am
4,749 views

බංග්ලාදේශයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට එක් තරගයක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගැනීමට ඇෆ්ගනිස්ථානය ඊයේ (5) සමත් වුණා.

ඒ පැවැත්වුණු තරඟාවලියේ දෙවැනි තරගය කඩුලු 6කින් ජය ගනිමින්. රජීව් ගාන්ධි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8කට ලකුණු 134ක් රැස් කළා.

ඇෆ්ගනිස්ථාන පන්දු යවනන් අබියස බංග්ලාදේශ පිතිකරුවන් 5 දෙනෙකුටම ලකුණු 10සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ආරම්භක පිතිකරු මොහොමඩ් ශශාඩ් ලකුණු 24ක් රැස් කළා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සමියුල්ලා ෂෙන්වරි පන්දු 41කින් 6 පහර 3ක් සහ 4 පහර 2ක්ද සමගින් ලකුණු 49ක් රැස් කළා.ඇෆ්ගනිස්ථානය තරගය ජය ගත්තේ පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලු 4ක් දැවී සිටියදීයි. මේ තරඟයේ විශේෂ අවස්ථා ඇතුලත් වීඩියෝවයි.....

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News