Citizen.lk
 

ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් පිරිසක් අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට

ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් පිරිසක් අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට | sport minister will going to icc
Wed 06 June 2018 6:28 am
792 views

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඇතුළු ක්‍රිකට් ආයතනයේ බලධාරීන් පිරිසක් අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යාමට නියමිතයි.

ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස පත්කළ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා හා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇශ්ලිද සිල්වා මහතා සහභාගී වීමට නියමිත අතර, ඔවුන් එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශාෂන්ක් මනෝහර් මහතා හමුවීමට බලාපොරොත්තු වන බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.

මෙම හමුව ඩුබායිහි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මූලස්ථානයේදී සිදුවීමට නියමිත අතර මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනාගත කටයුතු පිළිබඳව ද පැහැදිලි කිරීමට නියමිත බවත් ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News