Citizen.lk
 

පියුගෝ ගිනිකන්ද සක්‍රීය වීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ 25 දක්වා ඉහළට

පියුගෝ ගිනිකන්ද සක්‍රීය වීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ 25 දක්වා ඉහළට | Guatemala volcano
Mon 04 June 2018 2:09 pm
807 views

 

ග්වාතමාලාවේ පියුගෝ ගිනිකන්ද සක්‍රීය වීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ 25 දක්වා ඉහළගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 300 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, ගිනිකන්දෙන් පිටවන ලාවා අවට ගම්මාන වෙත ගලා ඒමෙන් නිවාස විශාල ප්‍රමාණයක්ද විනාශ වී ඇති බව සඳහන්.

එසේම ගිනි කන්දෙන් පිටවන අළු සහ දුමාරය හේතුවෙන් එරට ලාඅවුරෝරා ජාත්‍යන්තර ගුවන් තොටුපල මේ වනවිට වසා දමා තිබෙනවා.

එමෙන්ම රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි ග්වාතමාලා ජනාධිපති ජිමී මොරාලෙස් පියවර ගෙන තිබෙන්නේ.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News