Citizen.lk
 

රටින් යන්න බඩු ලෑස්ති කරගන්න - ඉතාලියේ අනවසරෙන් සිටින සංක්‍රමණිකයින්ට රතු නිවේදනයක්

රටින් යන්න බඩු ලෑස්ති කරගන්න - ඉතාලියේ අනවසරෙන් සිටින සංක්‍රමණිකයින්ට රතු නිවේදනයක් | italy immigrant new Law
Mon 04 June 2018 9:01 am
1,121 views

අනවසර ලෙස ඉතාලියට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට හා මේ වන විට අනවසරෙන් ඉතාලියේ රැදී සිටින සංක්‍රමණිකයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මත්තේයෝ සැල්විනි මහතා අවධාරණය කර සිටිනවා.

ඉතාලියේ දැනට අනවසරයෙන් රැදී සිටින්නන්ට ආපසු තම රටවලට යාම සඳහා ගමන් මළු සුදානම් කර ගන්නා ලෙසද මත්තේයෝ සැල්විනි මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇති අතර මධ්‍යධරණි මුහුදේ නවතා ඇති අනවසර බෝට්ටු සහ සංක්‍රමණිකයින් ගලවා ගැනීමේ මෙහෙයුම්වල යෙදෙන රාජ්‍ය නොවන සංවිධාන වලට අයත් නෞකාවලට ඉතාලියේ වරායන්ට ඇතුළු වීමද සපුරා තහනම් කරන බවද ඔහු පවසා තිබෙනවා.

මාස තුනක පමණ කාලයක් ඉතාලියේ පැවැති දේශපාලන අස්ථාවරභාවය නිමා කරමින් ජුනි මස 01 වැනි දින මහාචාර්ය ගුසෙප්ප් කොන්තේ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ලද නව ආණ්ඩුවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මත්තේයෝ සැල්විනි මහතා කියන දේ කරන්නකු ලෙසද ප්‍රසිද්ධය.

නොයෙකුත් අයථා ක්‍රම වලින් ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණිමට උත්සාහ කරන අයටත් ඒ සඳහා මුදල් ගෙවීමට බලාපොරොත්තුවන අයටත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටිනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News