Citizen.lk
 
 
OPPO

අපේ දත්වලට දීප්තියක් එක් කරන්නේ දතක ප්‍රධානම හා වැදගත්ම කොටස වන එනැමලය මගින්

අපේ දත්වලට දීප්තියක් එක් කරන්නේ දතක ප්‍රධානම හා වැදගත්ම කොටස වන එනැමලය මගින් | Understanding Tooth Enamel
Wed 24 August 2016 10:55 am
11,667 views
අපගේ පුංචි කාලයේ අපේ කිරි දත් එද්දිම ඒ දත් ටික පරෙස්සම් කරන්න අපේ අම්මලා කොච්චර නම් මහන්සි වුණාද කියලා ඔබට මතක ද? ඒ නිරෝගී දත් දෙපළක් කියන දේ අපිට වැදගත්ම දෙයක් වන නිසා. ඒ වැදගත්කම වගේම නිරෝගී, දීප්තිමත් දත් දෙපළක හිමිකාරයෙකු වෙන්න කවුද අකමැති. මුඛ සෞඛ්‍යය ගැන කතා කරද්දී විශේෂයෙන් කතා කරන මාතෘකාවක් තමයි එනැමලය කියන්නේ. සරලවම කියනවා නම් එනැමලය කියන්නේ දතට පිටතින් තියෙන ආවරණයක්. මේ ආවරණය මිනිස් ශරීරයේ ඝනත්වයෙන් වැඩිම පටකය ලෙස හඳුන්වනවා. ඒ වගේම අපේ දත්වලට දීප්තියක් එක් කරන්නේ දතක ප්‍රධානම හා වැදගත්ම කොටස වන එනැමලය මගින්. තේ, කෝපි, වයින් හා දුම් පානය වැනි දේ පමණ ඉක්මවා භාවිතයෙන් එනැමලය හානි විය හැකියි. එසේ එනැමලය හානි වීමකදී එය ඉතා පහසුවෙන්ම ඔබට හඳුනා ගත හැකියි. දත් දුර්වර්ණ වීම, උණුසුම් හෝ ශීත ආහාර ගැනීමේදී දත් හිරි වැටීම, දත්වල පතුරු ගැලවී යාම එනැමලයට හානි වීම හේතු කොට ගෙන සිදු විය හැකියි. මෙසේ හානි වන එනැමලය රැකගැනීම මෙන්ම, ශක්තිමත් ආරක්ෂාවක් ලබා දීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු දෙයක්. කාර්ය බහුල ජීවිතයක් ගෙවන ඔබට ස්වාභාවික ක්‍රම මේ සදහා භාවිතයට ඇති ඉඩ කඩ සීමිත වන බැවින් ස්වාභාවික ශාකසාරවලින් යුතු ප්‍රමිතියෙන් හා තත්වයෙන් උසස් නිෂ්පාදනයක් තෝරා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. මේ සඳහා ඇති බොහෝ නිෂ්පාදන ඔවුන්ගේ නිෂ්පාදනවලට හානි වූ එනැමලය නැවත යථා තත්වයට පත්කළ හැකි බව පවසනු ලබනවා. නමුත් එය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ දත්වල ස්වභාවය මතයි. කෙසේ වූවත් ෆ්ලෝරයිඩ් අඩංගු නිෂ්පාදනයකට තරම් හොඳින් එනැමලය ප්‍රකෘති තත්වයට පත් කරන්න අනෙක් නිෂ්පාදනවලට හැකියාවක් නැහැ. නැවත අලුතින් එනැමලයක් ඇති නොවන නිසා, පවතින එනැමලය ආරක්ෂා කර ගන්න ඔබ උත්සාහ ගතයුතුයි. ෆ්ලෝරයිඩ් හා කැල්සියම් අඩංගු නිෂ්පාදනයන් මෙයට සුදුසුම විසඳුමයි. කැල්සියම්වලට එනැමලයේ ඇති වන සිදුරු නැවත යථා තත්වයට පත් කළ හැකියි. ඒ අනුව ඔබට ශක්තිමත් එනැමලයක් වගේම සුන්දර දත් දෙපලක හිමිකාරයෙකු විය හැකියි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Ravi Karunanayake Parliament Speech Before Resign | රවී කරුණානායක ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේදී කළ කථාව

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News