Citizen.lk
 

පරිගණක ක්‍රීඩාලෝලීන් වෙනුවෙන්ම ශ්‍රී ලාංකේය දක්ෂයෙකුගෙන් නිර්මාණය වෙන First person shooter video game එකක්

පරිගණක ක්‍රීඩාලෝලීන් වෙනුවෙන්ම ශ්‍රී ලාංකේය දක්ෂයෙකුගෙන් නිර්මාණය වෙන First person shooter video game එකක් | First person shooter video game Unbroken Falcon Game Forest
Mon 28 May 2018 10:48 am
1,932 views

 

ලාංකාවේ තවත් දක්ෂයෙක් නිර්මාණය කරපු අලුත්ම පරිගණක ක්‍රීඩාවක් පිළිබඳ අපට තොරතුරු වාර්තා වුණා. අපි දන්න ගස් කෝලන් තියන හුරු පුරුදු පරිස‍රයක් පදනම් කර ගනිමින් නිර්මාණය වී ඇති මෙය නම් කර ඇත්තේ Unbroken ලෙසයි. මෙම Game එකේ announcement trailer එක මේ දින වල සමාජ ජාල මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

ශ්‍රී ලාංකික පරිගණක ක්‍රීඩාලෝලීන්ට නවමු අත්දැකීමක් සමගින් මෙම Unbroken ඔබවෙත ගෙන එන බවයි මෙය නිර්මාණය කරන සමාගම අප සමග පැවසුවේ.

First person shooter video game එකක් ලෙස එළි දැක්වෙන මෙම පරිගණක ක්‍රීඩාව Single player campaign එකක් ලෙසයි පවතින්නේ.


මෙම Video Game එකේ පදනම එහෙමත් නැතිනම් කතාන්දරය වෙන්නේ 2038 වෙනකොට ශ්‍රි ලංකාව "Falcon" කියන ලෝකේ දියුණු රටවල් එකතු වෙලා හදාගත්තු සංවිදනයකින්, යටත් විජිතයක් ලෙස පවතින අවස්ථාවක, ශ්‍රී ලංකාවේ නිදහස් සටන්කාමීන් විදිහට එකතු වෙලා Falcon ට එරෙහිව කරගෙන යන දැවැන්ත සටනක සිටින එක් නිදහස් සටන් කමියෙකුගේ අත්දැකීමයි.

මෙම announcement trailer එකට අමතරව තව Trailers 2ක් පැමිණීමට නියමිත බවයි මෙහි නිෂ්පාදක සමාගම අප වෙත දැනුම් දුන්නේ. (story Trailer , Game Play Trailer )

ඒ වගේම Game එකේ Graphic වල තත්වය ඇත්ත තත්වය මොන වගේද කියල අදහසක් දෙන්න (real game play graphics වලින් Trailer එක නිර්මාණය කරලා තිබෙනවා.


මේ අවුරුද්දේ ඔබ වෙත ගෙන ඒමට නියමිත මෙම game එක හදලා තියෙන්නේ GameForest කියන සමාගමකින් වන අතර, මෙහි විශේෂත්වය වෙන්නේ එම සමාගමේ පළමු ව්‍යාපෘතිය වීමයි.

මෙම ආයතනයේ ප්‍රධාන නිර්මාණ කරුවෙකු වන ශෂික නුවන් මෙම පරිගණක ක්‍රීඩාව පිළිබඳව තවදුරටත් මෙලෙස අදහස් දක්වා සිටියා.


" අපි startup Video Game Company එකක් . අපේ First Product එක තමයි Unbroken කියන්නේ. අපි මාස 6ක ඉදන් මේකේ development කරගෙන යනවා. අපි stable AAA look එකක් තියන  game එකක් හදන්නයි බලා පොරොත්තුව... ඒ නිසා හැමෝටම හොදින් සෙල්ලම් කරන්න පුළුවන් වෙයි.

ඇත්තෙම්ම කිව්වොත් ලගදීම එලියට දාන්න අපේ බලාපොරත්තුවක් නෑ. මොකද අපිට ඕනි උපරිම කාලය අරන් මෙක තවදුරටත් ටෙස්ට් කරලා හොඳම විදිහට එළියට දාන්න.

game එක release කරන්න ලංවෙන කොට හරියටම කියන්න පුළුවන් මේක play කරන්න high end computer එකක්ම ඕනි වෙන්නේ නැහැයි කියන එකත්. "

පහතින් නරඹන්න announcement trailer එක

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News