Citizen.lk
 

මහසොන් බලකායෝ අමිත්ට බන්ධනාගාර රෝහලේදී පහරදීලා

මහසොන් බලකායෝ අමිත්ට බන්ධනාගාර රෝහලේදී පහරදීලා | Mahason balakaya Amith Attack In Prison
Mon 28 May 2018 8:14 am
116 views

පසුගියදා මහනුවර සිදුවු ජාතිවාදි කලබල සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින මහසොහොන් බළකායේ නිර්මාතෘ සහ නායක අමිත් වීරසිංහ හට බන්ධනාගාර රෝහලේදී පසුගිය 24 වැනි දා ඖෂධවේදියකු විසින් සිදු කළ පහර දීමකින් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මහසොහොන් බළකායේ නායක අමිත් විරසිංහ යන අයගේ බිරිඳ වන ඩබ්.ජි.සිතුම් කුමාරි (25) පසුගිය දින මහනුවර සිට සිය සැමියා බැලිමට අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදි අනාවරණය වී ඇත්තේ සිය සැමියා කිසියම් අයකුගේ පහරදිමකින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවකි.

ඒ අනුව සිය සැමියා බැලීමට අනුරාධපුර ශික්ෂණ රෝහලට ගිය ඇය පසුගිය 24 වැනි දා උණ රෝගයෙන් පෙළිම නිසා ප්‍රතිකාර ගැනීමට බන්ධනාගාර රෝහලට ගිය අවස්ථාවේදී සිදුවු බහින් බස් විමක් දුරදිග යාමෙන් එහි සේවයේ නියුතු ඖෂධ සංයෝජක නිලධාරියා විසින් තම සැමියාට පහරදි ඇතැයි අනුරාධපුර පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News