Citizen.lk
 

දෙරණින් සිරසට සම්මාන - මෙරට සම්මාන උළෙලක කිසි දිනක නොවු දෙරණ සන්සිල්ක් සම්මාන උළලේදී සිදු වූ දේ - Photos

දෙරණින් සිරසට සම්මාන -  මෙරට සම්මාන උළෙලක කිසි දිනක නොවු දෙරණ සන්සිල්ක් සම්මාන උළලේදී සිදු වූ දේ - Photos  | Derana sunsilk  film awards
Sun 27 May 2018 5:04 pm
10,349 views

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රිය නෙළුම් පොකුණ රඟහලේ දී අති උත්කර්ෂවත්ව පැවැත් විණි. ශ්‍රී ලාංකේය සිනමාවට වසර 71 ගතව තිබිය දී සිනමා රාජිණියන් උදෙසා පෙළගැස්වුණු දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල සඳහා 2017 වසරේ දී විකාශය වූ චිත්‍රපට 23ක් සලකා බැලිණි.

ආලෝකෝ උදපාදී, රන් සයුර, ප්‍රේමය නම්, සුළඟ ගිනි අරන්, කොටඋඩ එක්ස්ප්‍රස්, බන්ධනය, නිලංජනා, පැණි මකුළුවෝ, 28, අලි කතාව, නිම්නයක හුදෙකලාව, නිනෝ ලයිව්, හීන හොයන සමනල්ලු, ධර්ම යුද්ධය, අප්පටසිරි, ස්වරූප, දේදුණු ආකාසේ, කාල, සීමා නෑ ආකාසේ, පහ සමත්, ඩොක්ටර් නවරියන් සහ ඒ ලෙවල් යන චිත්රනපට සම්මාන සඳහා සලකා බැලිණි.

ඒ අනුව වසරේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ 28 චිත්ර පටය යි. එම චිත්‍රපටය වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩි හොඳම අධ්‍යක්ෂණයට සහ හොදම තිර රචනයට හිමි සම්මාන ද්විත්වය දිනා ගත්තේය.

මෙම සම්මාන රාත්‍රීයේ සිදු වූ තවත් සුවිශේෂි සිදුවීමක් වන්නේ සිරස මාධ්‍ය ආයතන විසින් නිර්මාණ දායක්වත්වක් ලබා දුන් ධර්ම යුද්දය චිත්‍රපටය සම්මාන රැසකට පාත්‍ර වීමයි.
සම්මාන උළේලෙදී 2017 වසරේ ජනකාන්ත චිත්‍රපටය වුයේ ධර්මය යුද්ධය චිත්‍රපටය යි. එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජැක්සන් ඇන්තනී සහ දිල්හානි ඒකනායක හොඳම රංගන ශිල්පියා සහ ශිල්පිනියට හිමි සම්මාන දිනාගත්තේය.

ධර්ම යුද්ධය චිත්‍රපටයේ රඟ පෑ කුමාර තිරිමාදුර හොඳම සහය නළුවාට හිමි සම්මානයත් ඒ ලෙවල් චිත්‍රපටයේ රගපෑ උමාලි තිලකරත්නට හොඳම සහය නිලියට හිමි සම්මානයත් හිමි විය.

ජනප්‍රියම නැගී එන රංගන ශිල්පිනිය වුයේ ද උමාලි තිලකරත්නයි.

ජනප්‍රියම හස්ය උත්පාදක රංගනය වෙනුවෙන් ටෙනිසන් කුරේටත් ජනප්‍රියම ප්‍රතිවීර චරිතය වෙනුවෙන් ධර්මන් ධර්මරාජ්ටත් සම්මාන හිමි විය. ජනප්‍රිය චිත්‍රපට ගීතය වුයේ දේදුණු ආකාසේ චිත්‍රපටයේ මල්කළඹ ළඟ නමැති ගිතය යි.

06 වන දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට හේමාල් රණසිංහ සමත් වූ අතර ජනප්‍රියම රංගන ශිල්පිනිය ලෙස යුරේනි නොෂිකා සම්මානයට ලක් විය.

හෙළ සිනමා විජිතයේ රාජිණිය ලෙස සැලකෙන මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යාවජිව සම්මානය හිමිවිය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය ධර්මසේන පතිරාජ යන සිනමා කලාකරුවන් දෙදෙනා වෙනුවෙන් තත්ත්පර 30ක නිහඞතාවක් පවත්වා ගෞරව දැක්වීම සිනමා උළෙලේ කැපීපෙනෙන අවස්ථාවක් විය.

මතු ප්‍රර්තනා චිත්රකපට අංශය යටතේ සම්මාන කිහිපයක් පිරිනැමීම මෙවර සම්මාන උළෙලේදී ද සිදුවිය.ඒ අනුව හොඳම මතු ප්‍රර්ථනා සපිරි අධ්‍යක්ෂවරයා ලෙස චින්තන ධර්මදාස සම්මාන දිනාගත්තේය.

 

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News