Citizen.lk
 

කරාපිටිය ශික්ෂණ රෝහල වෛරස් උණ දරුවන්ගෙන් පිරීයයි - ළමා ශල්‍ය කර්ම කිරීමට නොහැකිව වෛද්‍යවරු අර්බුදයක

කරාපිටිය ශික්ෂණ රෝහල වෛරස් උණ දරුවන්ගෙන් පිරීයයි - ළමා ශල්‍ය කර්ම කිරීමට නොහැකිව වෛද්‍යවරු අර්බුදයක | karapitiya hospital
Sat 26 May 2018 1:04 pm
512 views

 

කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකයේ වෛරස් උණ වැළදිමෙන් අසාධ්‍ය වු දරුවන්ගෙන් පිරීයාම නිසා දැනට මාස දෙකක සිට වෙනත් ළමා ශල්‍ය කර්ම කිරිමට නොහැකි තත්වයක් උදාවි ඇති බැව කරපිටිය රෝහලේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ජනිත් ලියනගේ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කරාපිටිය ශික්ෂණ රෝහලේ අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

පිළිකා හා වෙනත් බරපතල රෝග නිසා කළ දරුවන්ට කළ යුතු ශල්‍ය කර්ම මෙම තත්වය නිසා කිරීමට නොහැකි වි ඇති බවද ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය. එමෙන්ම මෙකි වෛරස් උණ රෝගි තත්වය හේතුවෙන් ජනතාව අතර පවතින අනියත බිය නිසා වෙනත් රෝග සදහා රෝහලට ඇතුළත් වන රෝගීන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩුවි ඇති බවද, ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළා.

මෙම අනියත බිය නිසා ශල්‍ය කර්ම සඳහා දින ලබාදුන් රෝගින්ද නොපැමිණෙන බවද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජනිත් ලියනගේ මහතා.

"දකුණු පළාතට තියෙන්නේ එකම ළමා දැඩිසත්කාරක ඒකකයයි. මෙහි වෛරස් උණ රෝගය වැළඳීමෙන් අසාධ්‍ය වු දරුවන්ගෙන් පිරි පැවතීම නිසා වැඩිහිටියන් ඇතුලත් කරණ දැඩිසත්කාරක ඒකකවලට ඇතුළත් කරලා දරුවන්ට ප්‍රතිකාර කිරිමට වෙලා තියෙනවා. මෙහි ඇඳන් 07ක් තියෙනවා. එක් ඇදක වටිනාකම ලක්ෂ 50ක් විතර වෙනවා. ළමා දැඩි සත්කාරක ඒකකයේ ඇඳන් පිරීගොස් ඇති නිසා දැනට මාස දෙකක විතර සිට ළමා ශල්‍යකර්ම කිරීමට ක්‍රමයක් නැ. එම දරුවන් නිවෙස්වලට යවා තියනවා.

මේ නිසා ළමා දැඩි සත්කාරක ඒකකයට රෝගින් බාරගැනීමට බැරි තත්වයක් මතු වෙලා තියෙන්නේ. ළමා දැඩිසත්කාරක ඒකකය ඉදිකර ඇති ගොඩනැගිල්ලේ තවත් ඇඳන් හයක් දැමිය හැකියි. ඇඳන් හයකට උපකරණ ලබාදෙන්න කියලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා"

Latest News

You may also like

Latest Videos

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News