Citizen.lk
 

රන්ජන් සිල්වාගේ මරණය පිටුපස පාතාලයේ අංජු - ධනංජය සිල්වාගෙන් මරණය ගැන විශේෂ පණිවුඩයක්

රන්ජන් සිල්වාගේ මරණය පිටුපස පාතාලයේ අංජු - ධනංජය සිල්වාගෙන් මරණය ගැන විශේෂ පණිවුඩයක් | Dananjaya SIlva Father Shoot killed Update
Fri 25 May 2018 2:01 pm
5,595 views

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රන්ජන් සිල්වා මහතාට වෙඩි තැබීමේ සිද්ධිය පාතාල කණ්ඩායමක් විසින් සිදු කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. පොලිස් විශේෂ කාර්ය බලකා ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අංජු නමැති පාතාල නායකයාට අයත් පිරිසක් වෙඩි තැබීම කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ, සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු බව හඳුනාගෙන ඇති අතර දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රන්ජන් සිල්වා මහතා මිය ගියේ, රත්මලාන ඥානේන්ද්‍ර ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින්.

සිද්ධියෙක් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර තුවාලකරුවන්ගෙන් එක් අයෙකු දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ කම්කරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා ධීවරයෙකි.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළ අතර මේ වන විට ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පුද්ගලික කළමණාකරණ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක්ද සිදු කොට ඇත.

සිය පියාගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් මිතුරන්, ඇතුළු ලොව පුරා ක්‍රිකට් රසිකයින්ට කණගාටුවෙන් යුතුව දැනුම් දෙන බව ධනංජය ද සිල්වා එහිදී සඳහන් කර තිබෙනවා.

මෙම සියල්ලම සිදුවූයේ කොදෙව් සංචාරය සිදුවීමට නියමිතව තිබූ සන්ධ්‍යාවේ බවද ඔහු සඳහන් කරයි. එමෙන්ම තම ආදරණීය මෑණියන් සහ පවුලේ හිතවතුන් වෙනුවෙන් සියලු දෙනාගේ යාඥාවන් ලබාදෙන්නැයිද ඔහු ඉල්ලීමක් කර තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළදී ඔහුට,සහ පවුලේ උදවියට කම්පනකාරි සිදුවීම් වලට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවත් මෙම කණගාටුදායක මොහොතේ ඔවුන්ගේ පෞද්ගලිකත්යට සියලු දෙනා ගරු කරනු ඇති බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News