Citizen.lk
 

“මටත් මේ පුදුමයි පක්ෂය අතහැරලා යන සමහර මන්ත්‍රීවරුන්ට ආපහු අඩ ගහලා විශාල ඇමතිකම් දෙනවා, විෂයන් 13යි, 14යි දීලා. අපිට තේරෙන්නේ නැහැ මොකක්ද මේ වෙන්නේ කියලා" සුජීව සේනසිංහ පක්ෂය ගැන කනස්සල්ලෙන් කියු කතාව

“මටත් මේ පුදුමයි පක්ෂය අතහැරලා යන සමහර මන්ත්‍රීවරුන්ට ආපහු අඩ ගහලා විශාල ඇමතිකම් දෙනවා, විෂයන් 13යි, 14යි දීලා. අපිට තේරෙන්නේ නැහැ මොකක්ද මේ වෙන්නේ කියලා
Fri 25 May 2018 1:05 pm
1,934 views

 

එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලක් තිබෙන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා.

ඊයේ (24) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“පක්ෂය ගැන සෑහෙන්න කළකිරීමකින් ඇත්තටම පක්ෂය ගැන නෙවෙයි පක්ෂයේ අනාගතය ගැන, පක්ෂය තියෙන තත්වය සම්බන්ධයෙන් ඉතින් ඇත්තටම යම්කිසි කලකිරීමක් තියෙනවා. මේ කලකිරීම තිබ්බට අපි අතාරින්නෙ නැහැ. කොහොම හරි මේ පක්ෂය ශක්තිමත් කරලා ජයග්‍රහණය කරා අරන් ගිහිල්ලා ජනතාවට සේවය කරනවා කියන ධෛර්යය තියනවා මගේ හිතේ.

මට වැඩ කරන්න කවුරුවත් දෙන්නේ නැහැ නෙවෙයි මට වැඩ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් මට ලැබිලා තියෙන අමාත්‍යංශය මට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලැබිලා තියෙන්නේ. ඒ ගැසට් එකේ තියෙන්නේ ආරවුල් සමතය කිරීම කියලා. ආරවුල් සමතය කරන්න මන් වගේ මන්ත්‍රී කෙනෙක්වත්, ඇමැතිවරයෙක්වත් පත් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඊට වැඩිය අපිට විෂයානුකූලව යම් වැඩක් දුන්නා නම් මොනවා හරි පොඩි වැඩක්. කුණු එකතු කරන්න මොකක් හරි ඒ වගේ එකක් දුන්නා නම් කොළඹ නගරයේ, ගස් වවන්න හරි මට ඒ වගේ පොඩි දෙයක් හරි දුන්නා නම් මට ඒ කාර්යභාරය කරන්න පුළුවන්.

අපි කියන්නේ රාජ්‍ය අමාත්‍යවරයෙක්ට, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ට සුළු ප්‍රමාණයක් හරි වැඩ ප්‍රමාණයක් දීලා ගැසට් කරලා දීලා ඒ පුද්ගලයා දක්ෂ නම් ඒ පුද්ගලයාගෙන් වැඩ ගන්න කියලා තමයි අපි කියන්නේ. මොකද අපි මේ ආණ්ඩුව ගේන්න විශාල කාර්යභාරයක් කළා. මොකද ආණ්ඩුව ගෙනාවට පස්සේ හැකියාවක් නොමැති නම් බලයක්, තනතුරක් නොදුන්නට කමක් නැහැ.”

“මටත් මේ පුදුමයි පක්ෂය අතහැරලා යන, විරුද්ධ පක්ෂයට ගිහිල්ලා වෙනත් සංවිධානය කරන සමහර මන්ත්‍රීවරුන්ට ආපහු අඩ ගහලා විශාල ඇමතිකම් දෙනවා, විෂයන් 13යි, 14යි දීලා. මට තේරෙන්නේ නැහැ, අපිට තේරෙන්නේ නැහැ මොකක්ද මේ වෙන්නේ කියලා. යම් ප්‍රතිපත්තියක් ඇතුව, යම් දිශානතියක් තේරුම් අරගෙන ඩි.එස්.සේනානායක මහත්තයා, ජේ.ආර්.ජයවර්ධන මහත්තයා, ප්‍රේමදාස මහත්තයලා, ගාමිණීලා, ලලිත් මහත්තුරු ඒ කරපු සේවය ඉදිරි අනාගතයේ ශක්තිමත් භාවය පක්ෂයට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

රාජිත ඇමැතිගේ කතාව මම හෙලා දකිනවා. එතුමා මගේ මිත්‍රයෙක්. ඒ වුණාට ඉතින් මම විශ්වාස කරන්නේ මේකේ ලොකු යුද්ධයක් තිබුණා. ඒ යුද්ධයට අපේ රණවිරුවෝ, අපේ දෙමව්පියෝ, තමන්ගේ දරුවෝ විශාල ප්‍රමාණයක් හමුදාවට පරිත්‍යාග කරලා, ජීවිතය පරිත්‍යාග කරලා, අවයව පරිත්‍යාග කරලා, ලෝකයේ තිබූ දරුණුතම ත්‍රස්තවාදය විනාශ කරන්න, අපි ඉතාමත් කටුක ජිවිතයක් ගත කරලා අපිට ඒ ජයග්‍රහණය ලබා දුන්නා.

ඉතින් ඒ ජයග්‍රහණය අපි සමරන ගමන්ම ත්‍රස්තවාදීන්ට ඒ අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ සටන සම්බන්ධයෙන් සමරන්න. ත්‍රස්තවාදී කණ්ඩායමක් කියන්නේ රටේ නීතියට විරුද්ධව කටයුතු කරපු කණ්ඩායමක්. හමුදාවට ලැබෙන වරප්‍රසාද ත්‍රස්තවාදී කණ්ඩායමකට ලැබෙන්නේ නැහැ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News