Citizen.lk
 

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්ෂ 10ක චෙක් පතක් ලබා ගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පිළිගනී

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්ෂ 10ක චෙක් පතක් ලබා ගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පිළිගනී | Dayasiri Jayasekara accepts he received money for his ejection campaign but says he did not defended Aloysious at any point
Fri 25 May 2018 12:41 pm
3,006 views

 

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් හි ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් දෙන ලද රුපියල් ලක්ෂ 10ක චෙක් පතක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර විසින් ලබාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පිළිගෙන තිබෙනවා.

එහෙත් තමන් කිසිදු අවස්ථාවක චෝදනා එල්ල වී ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් හි අධිපති අර්ජුන් ඇලෝසියස් මහතාව ආරක්ෂා කර ගැනීමට උත්සහ නොකල බවද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් හි ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් දෙන ලද රුපියල් ලක්ෂ 10ක චෙක් පතක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර විසින් ලබාගෙන ඇති බවට ඊයේ(24) දිනයේ අධිකරනයෙ දී කරුණු අනාවරණය වුණා.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා විසින් අනාවරණය කර ඇත්තේ මන්ත්‍රීවරයෙකු මෙසේ සිය ආරක්ෂකයා ලවා මෙම සමාගම මගින් ලබා දුන් චෙක් පතකින් රුපියල් මිලියනයක මුදල් ලබා ගෙන ඇති බවයි.

චෙක් පත මාරු කර එම මුදල බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට දුන් බව ආරක්‍ෂක නිලධාරීයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට සදහන් කර ඇත.

Latest News

( 8 views)

You may also like

Latest Videos

( 35 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News