Citizen.lk
 

පාර්ලිමේන්තු සංකිර්ණය පිළිබඳව මෙතෙක් කල් හෙළි නොවූ රහසක් හෙළි වෙයි

පාර්ලිමේන්තු සංකිර්ණය පිළිබඳව මෙතෙක් කල් හෙළි නොවූ රහසක් හෙළි වෙයි | parliament
Fri 25 May 2018 11:11 am
352 views

 


අක්කර 12 රූඩ් 1 යි පර්චස් 32 ක් වන ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකිර්ණය සඳහා මෙතෙක් කාලයක් නිළ ඔප්පුවක් නොමැති බවට ඊයේ පැවති පාර්ලිමේතු සභා වාරයේ දී අනාවරණය වුණා. ඒ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ පැනයක් හේතුවෙන්. ජූනි 05 දා ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකිර්ණය සඳහා නිල ඔප්පුව පිරිනැමීමට නියමිතව තිබෙනවා.

මේ පිළිබඳව පැනයක් යොමු කරමින් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කතානායක වරයාගෙන් විමසා සිටියේ "ලබන ජුනි 05 දා පාර්ලිමේන්තුවේ ඔප්පු ප්‍රදානයකට ආරාධනා කරලා තියෙනවා ඔප්පුවක් නැතුවද මෙච්චර කල් පාර්ලිමේන්තුව පවත්වාගෙන ගියේ." යනුවෙනි


ඊට පිළිතුරු දෙමින් කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ මේ ගැන පසුව පැහැදිලි කිරීමක් කරන බවයි.


කෙසේ වෙතත් පාර්ලිමේන්තු සංකිර්ණය සහිත ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසු 1981 අප්‍රේල් මස 29 දා තඹ සන්නසකින් එවක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ලබා දී ඇත. ඉන් පසුව යළිත් ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුව පිහිටි භුමිය පුළුල් කරමින් තඹ සන්නසක් ලබාදී ඇත.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News