Citizen.lk
 

ක්‍රිකට් තරඟය අතරතුර ICC දූෂණ මර්ධන නිලධාරීන් පකිස්ථාන් ක්‍රීඩාගාරයට කඩා වදී - ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ ස්මාර්ට් ඔරලෝසු ගලවා පරීක්ෂා කරයි

ක්‍රිකට් තරඟය අතරතුර ICC දූෂණ මර්ධන නිලධාරීන් පකිස්ථාන් ක්‍රීඩාගාරයට කඩා වදී - ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ ස්මාර්ට් ඔරලෝසු ගලවා පරීක්ෂා කරයි | ICC Warns Pakistani Crickets Not To Wear Smartwatches
Fri 25 May 2018 9:04 am
6,400 views

ඊයේ (24) ආරම්භ වූ එංගලන්තය - පාකිස්ථාන ටෙස්ට් තරගාවලියේදී පාකිස්තාන ක්‍රීඩකයින්ට අවවාදාත්මක කරුණු දැක්වීමක් සිදුකිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකය කටයුතු කර තිබෙනවා.

ඔවුන් මෙසේ සිදුකර ඇත්තේ පාකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයින් භාවිත කරනු ලබන " ස්මාර්ට් ඔරලෝසු" තරග බිමේදී පැළද සිටීම හේතුවෙනුයි.

අසාද් ෂෆීක් සහ බබාර් අසම් මෙලෙස "ස්මාර්ට් ඔරලෝසු" පැළද ක්‍රීඩා කර ඇති අතර ඔවුන්ගේ එම ඔරලෝසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් ගේ භාරයට ගෙන තිබෙන්නේ ඒවා පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසමින්.

කුමන ආකාරයේ හෝ සැකයක් ඇති කර නොගැනීමේ ක්‍රියාවලියක් ලෙස මෙලෙස "ස්මාර්ට් ඔරලෝසු" නොපලදන මෙන් තමන් ඉල්ලීමක් කරන බව ක්‍රිකට් කවුන්සිලයේ නිළධාරින් පාකිස්තාන ක්‍රීඩකයින්ට දැනුම් දී තිබෙනවා.

කෙසේ නමුත් පාකිස්තාන ක්‍රීඩක හසන් අලී ගෙන් මාධ්‍යවේදීන් මේ පිලිබදව විමසීමක් සිදුකල අතර එහිදී ඔහු කියා සිටියේ තම කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක් මෙලෙස "ස්මාර්ට් ඔරලෝසු පැළද ක්‍රීඩා කල බව තමන් නොදන්නා බවත්, විවේකය අතරවාරයේදී ICC නිලධාරින් ක්‍රීඩාගාරයට පැමිණ ඒ බව දැනුම් දී ඔවුන් සතු එවැනි ඔරලෝසු සිය භාරයට ගනු ලැබූ බවයි".

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News