Citizen.lk
 

ලංකාව තුල ක්‍රියාත්මක වන චීන ව්‍යාපෘතිවල ආයෝජනය රුපියල් කෝටි 232,500ක්

ලංකාව තුල ක්‍රියාත්මක වන චීන ව්‍යාපෘතිවල ආයෝජනය රුපියල් කෝටි 232,500ක් | China Investment in Sri Lanka
Thu 24 May 2018 10:32 am
332 views

චීන සමාගම් ශ්‍රී ලංකාව තුළ ඉකුත් වසර අවසන් වනවිට ඩොලර් බිලියන 15ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 232,500ක්) යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතැයි මෙරට චීන තානාපති ෂෙන්ග් ෂියුවාන් මහතා ඊයේ (23) පැවසුවා.

“සහශ්‍රයේ සිට නව යුගයකට - ඒකාබද්ධව තීරයක් සහ මාවතක් ගොඩනගමු - ශ්‍රී ලංකා සිහිනය වැළැඳගමු” යන මැයෙන් මෙරට චීන තානාපති කාර්යාලය සංවිධානය කළ සමුළුවේදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා එම කරුණු හෙළිකළ අතර ඒ අනුව
පසුගිය 2017 වසර අවසන් වනවිට චීන සමාගම් ප්‍රවාහන, ජල, විදුලිබල, වරාය සහ තවත් ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව තුළ යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

කොළඹ චීන තානාපති කාර්යාලයේදී මෙම සමුළුව පැවැත්වුණු අතර එහිදි තවදුරටත් අදහස් දැක්වූ චීන තානාපති ෂෙන්ග් ෂියුවාන් මහතා මෙසේ ද කීය.

“ශ්‍රී ලංකාවත් චීනයත් අතර ආර්ථික, සංස්කෘතික සබඳතා වසර සිය දහස් ගණනක් ඈතට යනවා. සාමය, සංවර්ධනය සහ එකිනෙකාගේ යහපත උදෙසා එකිනෙකාගේ අවබෝධය ඇතිව ශ්‍රී ලංකාව සහ චීනය එක්ව කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ජාතික සංවර්ධනය උදෙසා අවස්ථාව ලැබෙන ඕනෑම අවස්ථාවකදී චීනය ශ්‍රී ලංකාවට උපකාර කරනවා. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ සුවිශේෂී භූගෝලීය පිහිටීමක. ඒ වගේම ශ්‍රී ලංකාව පුළුල් සංවර්ධන අවස්ථාවක් සහ අනාගතයක් තිබෙනවා. ජාතික වර්ධනය, ජාතික සංවර්ධනය, වාර්ගික සමගිය, ආගමික සහයෝගීතාව යනාදි ශ්‍රී ලාංකික සිහිනයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජනතාව සතු වෙනවා. එම සිහිනය චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය සමඟින් හොඳින් පෑහෙනවා. මානව වර්ගයාගේ පොදු යහපත උදෙසා අප සියලු දෙනාට එක්ව වැඩ කළ හැකියි. ශ්‍රී ලංකාව චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතියේ වැදගත් පාර්ශවකරුවෙක්”.

 

Latest News

( 8 views)

You may also like

Latest Videos

( 35 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News