Citizen.lk
 

හැරී - මේගන් විවාහයෙන් දින 3ක් යන්නටත් පෙර ආරාධිතයින්ට දුන් තෑගි බෑග් අන්තර්ජාලයේ වෙන්දේසියට දැමූ කළමණාකාරිය - Photos

හැරී - මේගන් විවාහයෙන් දින 3ක් යන්නටත් පෙර ආරාධිතයින්ට දුන් තෑගි බෑග් අන්තර්ජාලයේ වෙන්දේසියට දැමූ කළමණාකාරිය - Photos | HR manager, 31, sells her official royal wedding gift bag on eBay for £21,400 - just three days after Harry and Meghan's big day
Wed 23 May 2018 3:47 pm
5,158 views

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු හා මේගන් අතර සිදුවූ විවාහය මේ වන විටත් අන්තර්ජාලයේ පුවත් මවන උත්සවයක් බවට පත්ව තිබෙනවා. රාජකීය විවාහය සියැසින් දැකගන්නට මෙහිදී 1200කට අධික පිරිසකට අවස්ථාව හිමිවුණා. ඔවුන් විශේෂ ආරාධිත අමුත්තන් නොවුනත් එම අවස්ථාව උදාකර දීමට රාජකීය පවුල තීරණය කර තිබු‍ණේ තමන්ගේ සමීපතමයින් හැරී කුමරුගේ විවාහයට සහභාගී කරවීමේ අරමුණිනුයි.

එලෙසින් සහභාගී වූ පිරිසට විශේෂ තෑගි අඩංගු බෑගයක් තිළිණ කිරීමට රාජකීයයන් තීරණය කර තිබුණු අතර එහි වූ විශේෂ ත්‍යාගයන් පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.

මේ අතර රාජකීයයන්ගේ විවාහයට සහභාගී වූ කාන්තාවක් හැරී - මේගන් විවාහයෙන් දින 3ක් යන්නටත් මත්තෙන් ඇයට හිමිවුණු රාජකීය විවාහයේ ත්‍යාග අඩංගු බෑගය E-bay ඔස්සේ විකිණීමට දමා තිබූ අපූරු පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වෘත්තියෙන් මානව සම්පත් කළමණාකාරියෙකු වන ඇය මෙලෙසින් තමන්ගේ රාජකීය ත්‍යාගයට පවුම් 21,400 ලන්සුවක් ලබා දී තිබුණු අතර එය ලබාගැනීම සඳහා 80ක අධික පිරිසක් Ebay ඔස්සේ ඉල්ලුම් කර ඇති බවද දැනගන්නට ලැබෙනවා. පවුම් 21,400ක් යනු ශ්‍රී ලංකා මුදලින් 4,514,000 පමණ වන අතර එතරම් විශාල මුදලක් මේ සඳහා ලබාදෙන්නට ගැණුම්කරුවන් තීරණය කර ඇත්තේ මන්දැයි විදෙස් මාධ්‍යවල පවා ප්‍රශ්න කිරීමට ලක්ව තිබෙනවා.

මෙම බෑගයේ වතුර බෝතලයක්, රාජකීය ආරාධනා පත්‍රයක්, තෑගි වවුචරයක්, සමරු සටහනක් වැනි චොකලට් කාසියක් ඇතුළු තෑගි කිහිපයක්ම අඩංගු වී තිබෙනවා.

කෙසේ නමුත් මේ වන විට රාජකීයයන්ගේ විවාහයේ ත්‍යාග සහිත බෑග් අන්තර්ජාලය පුරා විකිණීමට ඇති නමුත් ඉහත කී කාන්තාවගේ බෑගය තරම් වටිනාකමක් ඒවාට ගෙවන්නට ඕනෑකමක් නැතැයි විහිළුවට මෙන් ඇතැමුන් පවසනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News