Citizen.lk
 

ධුරයට හිමි වූ කෝටි දෙකක් වටිනා සුපිරි රථය ප්‍රතික්ෂේප කර එම මුදල් නගර සංවර්ධනට යෙදු බදුල්ල නගරාධිපති

ධුරයට හිමි  වූ කෝටි දෙකක් වටිනා සුපිරි රථය ප්‍රතික්ෂේප කර එම  මුදල් නගර සංවර්ධනට යෙදු බදුල්ල නගරාධිපති  | badulla mayor priyantha amarasiri
Wed 23 May 2018 3:05 pm
9,277 views

සිය ධුරයට හිමි නව වාහනයක් මිල දී ගැනීම සඳහා වෙන්කර තිබූ රුපියල් කෝටි දෙකක මුදලින් නව වාහනයක් මිලට ගැනීම ප්‍රතික්ෂේප කළ බදුල්ල මහ නගරාධිපතිවරයා එම මුදල නගරයේ සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට පියවර ගෙන තිබේ.

බදුල්ල මහ නගර සභා පරිපාලනය මගින් නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා සඳහා නව වාහන මිලට ගැනීමට රුපියල ලක්ෂ 200 ක මුදලක් වෙන් කර තිබී ඇති අතර පසුගියදා මහ නගර සභාවේ පැවති විශේෂ සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් දැනුවත් වු බදුල්ලේ නව මහ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා නව වාහන මිල දී ගැනීස ප්‍රතික්ෂේප කොට එම මුදල් නගරයේ වෙනත් සංවර්ධන කටයුතුවලට යෙදවීම සඳහා නගර සභාවේ මුදල් කමිටුව ඇතුළු අදාළ අංශවල අනුමැතිය ලබාගෙන ඇත.

දැනට නගර සභාවේ භාවිතා කරන වසර කීපයක් පැරණි වාහනය නිසි පරිදි අලුත්වැඩියා කොට සිය පරිහරණය සඳහා ලබාදෙන ලෙස ද අදාල නිලධාරීන්ට දැන්යූ බවත් මේ වන විට නගරයේ අඩුපාඩු රැසක් තිබිය දී තම භාවිතය සඳහා නව වාහන තැන ලබා දී පළමුව නගරයේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවත් මේ පිළිබඳව කළ විමසීමකද දී බදුල්ල මහ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා සඳහන් කළේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News