Citizen.lk
 

සැවොම මවිත කරමින් මුහුදු ජලයෙන් පහන් දැල්වීමට හැකියාව ඇති ශ්‍රී කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්ලය - Photos

සැවොම මවිත කරමින් මුහුදු ජලයෙන් පහන් දැල්වීමට හැකියාව ඇති ශ්‍රී කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්ලය - Photos | mulathiw kannagi amman kovila
Wed 23 May 2018 11:11 am
968 views

 

මුලතිව් හී ඇති ප්‍රධානතම කෝවිලක් වන වට්ටාපලෙයි ශ්‍රී කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්ලය සදහා චාරිත්‍රාණුකූලව මුලතිව් මුහුදේ එදා සිට තෝරාගත් සුද්ධ ස්ථානයෙන් දිය රැගෙන යාමේ පෙරහැර ඊයේ (22) දා හින්දු චාරිත්රාණුකූලව සිදු වුණා.


මෙම කෝවිලේ ඇති විශේෂත්වය වන්නේ සැවොම මවිත කරමින් කෝවිල අසල ඇති මුහුදු ජලයෙන් පහන් දැල්වීමට ඇති හැකියාවයි. මෙම ස්ථානය ඉතා අනුහස් ඇති ස්ථානයක් ලෙස බැතිමතුන් විශ්වාස කරන අතර, හින්දු මෙන්ම අන් ආගමික සැදැහැවතුන් ද බොහෝ පිරිසක් මෙම කෝවිලේ මංගල්‍ය සඳහා සහභාගී වෙනවා.

මෙහි වාර්ෂික මංගල්ලය සදහා චාරිත්‍රාණුකූලව මුලතිව් මුහුදේ එදා සිට තෝරාගත් ශුද්ධ ස්ථානයෙන් දිය රැගෙන යාමේ පෙරහැර චාරිත්රාණුකූලව සිදුවුණා.

මෙම වට්ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්ලය වෙණුවෙන් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ එකල ගුවන් හමුදාවක් පිහිටුවීමෙන් පසුව ඔවුන්ගේ එක් යානයකින් ගුවනේ සිට මල් ඉස ඇති බවටත් ප්‍රදේශ වාසීන් පවසනවා.

 

 

Latest News

( 8 views)

You may also like

Latest Videos

( 35 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News