Citizen.lk
 

ප්‍රභාකරන් මිනීමරුවෙක් සහ ත්‍රස්තවාදියෙක් මිස මහත්තයෙක් නොවේ - අැමති නිරෝෂන්

 ප්‍රභාකරන් මිනීමරුවෙක් සහ ත්‍රස්තවාදියෙක් මිස මහත්තයෙක් නොවේ - අැමති නිරෝෂන්  | niroshan perera   Statement
Tue 22 May 2018 3:38 pm
152 views

ශ්‍රී ලංකාව තුළ සිදු වූ ජනසංහාරයට වගකිව යුතු ප්‍රභාකරන් වැනි මිනීමරුවෙක් සහ ත්‍රස්තවාදියෙකු ගේ ක්‍රියා කිසි ලෙසකින් අනුමත නොකළ යුතු බවත් ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් ශ්‍රී ලංකික ජාතියට කළ විනාශය සුළු කොට තැකිය නොහැකි බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ යථාර්තවාදී සංහිඳියාවක් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නිවේදනයක් නිකුත් කරමින්ය මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමත්‍යවරයා මෙසේද පැවසීය.

සංහිඳියාව ශක්තිමත්ව ඉදිරියට ගෙනයා හැක්කේ මෙරට ජනවාර්ගික ගැටුම් වලට මුල් වූ හේතු නිවැරදිව තේරුම් ගැනීමෙන් සහ ප්‍රයෝගිකව සියලු පාර්ශව වල එකඟවීම මතයි. ඒ හැරුණු විට උතුරේ හෝ දකුණේ අන්තවාදීන්ට සුදු හුණු ගෑමෙන් සංහිඳියාව ඉදිරියට ගෙනයාමට තැත් කිරීම නැවතත් යුද්ධයකට අතවැනීමක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම තිස් වසරක යුද්ධයෙන් දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දුන් රටක් ලෙස කිසිඳු අයුරකින් උතුරේ හෝ දකුණේ ඇතැම් දේශපාලඥයින්ට සහ අන්තවාදීන්ට ජන හදවත් අන්තවාදී අදහස් ඔස්සේ යළි පෑරවීමට ඉඩලබා නොදිය යුතුය. තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් අන්තවාදය පතුරවන උතුරේ හෝ දකුණේ ඇතැම් දේශපාලන බලවේග ඉටු කරනු ලබන්නේ අනාගත පරපුරට යුධ ගිනි ඇවිලුන රටක් උදාකර දීමේ උත්සහයයි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් සහ ඔහුගේ අනුගාමිකයන්ගේ අන්තවාදී හැසිරීම් නිසා 1987 දී ඉන්දු ලංකා ගිවිසුම තුලින් හදුන්වාදුන් බලය පළාත් සභාවලට විමධ්‍යගත කරන ක්‍රමවේදය පිලිබඳ දකුණේ විශ්වාසය බරපතළ ලෙස බිඳවැටීමට හේතු වී ඇත.

බලය සාර්ථක ලෙස විමධ්‍යගත කිරීම තුළින් උතුරේ සහ දකුණේ ජනතාව අතර සංහිඳියාව ශක්තිමත් කිරීමේ ඓතිහාසික අවස්ථාව මේ වනවිට ක්‍රමක්ක්‍රමයෙන් බිඳ වැටෙමින් පවතී. ත්‍රස්තවාදීන් වීරයන් කිරීම රටේ ඒකීයභාවයට මහත් තර්ජනයක් වන අතර එය හෙලා දැකිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

සංහිඳියාවේ නාමයෙන් සංහිඳියාව බිඳ දමන අන්තවාදීන්ගේ කුඨ උපක්‍රම පරාජය කොට උතුරත් දකුණත් එකම ජනතාවක් ලෙස ශක්තිමත් ශ්‍රී ලංකාවක් තුල ඉදිරියට යාම රටේ අනාගතයට ඉතාම වැදගත් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News