Citizen.lk
 

දරුවන් නිසා මහ මඟ තනි වුන මව් පියවරුන්ට සෙවනක් වු වානළුවාව විශාකා නිවාසය අලුත්වැඩියා කරන උතුම් ක්‍රියාව

දරුවන් නිසා මහ මඟ තනි වුන මව් පියවරුන්ට සෙවනක් වු  වානළුවාව විශාකා නිවාසය අලුත්වැඩියා කරන උතුම් ක්‍රියාව  | Elder's House re build Great  work
Thu 17 May 2018 5:28 pm
313 views

දරුවන් වදපු,වඩපු අම්මලා තාත්තලා මේ ලිපිය ලියන මොහොතෙත් දහස් ගානක් ඇස් කදුළු වලින් පුරවගෙන මහලු මඩම් වල ඇති. මේ තමයි මේ ලොකේ හැටි අපි නොහිතන විදිහට දුක්බර ඉරණම් වලට මුහුණ දෙනවා. ලංකාව පුරා දරුවන් දමා ගිය දෙමව්පියන් දහස් ගණනක් ඉන්නවා කිසිම පිළිසරණක් නැතිව. හැදු වැඩූ මව්පියන් මහළු මඩමක තනිකර යෑමට තරම් වූ කුරිරු  සමාජයක් බිහි වී තිබෙනවා . එවැනි සමාජයක බොහොම අපූරු කටයුත්තක් ගැන දැන ගන්න ලැබුනා.

ඒ තමයි දරුවන්ගෙන් පිළිසරණක් නොමැතිව අතරමං වූ මව් පියවරු රැසකට සෙවනක් වූ වානළුවාව විශාකා නිවාසය අලුත් වැඩියා කිරීමේ කටයුත්ත, වානළුවාව විශාකා නිවාසයේ වහළ, ඇඳන් සෑම දේම වගේ අළුත් වැඩියා කරන්න තිබෙන බව මාවත -( The Right Path To Society) ෆේස් බුකි පිටුවෙහි සඳහන් කර තිබුනා. ඉතින් ඔවුන් මේ මහඟු සත්කාරය සිදුකරන්න මේ මස 20 වන දින සියල්ල සුදානම් කර තිබෙන්නේ, මව් පියවරුන්ට ආදරය කරන ඔවුන් පණ මෙන් රැක බලා ගන්නා ඔබටත් මේ ක්‍රියාවට දායක විය හැකි. ඒ පිළිබඳව වැඩි තොරතුර විමසීම සඳහා පහත දුරකථන අංක සමඟ සම්බන්ධ විය හැකි. (සුධීර හිමි) 071- 4119494 (රිදියගම හිමි) -077 3725796 (අජිත්) - 071 9723705 (රාමනයක) 077 0394500 අසරණ වූ මව් පියවරුන්ට සෙවනක් වූ වානළුවාව විශාකා නිවාසය අළුත් වැඩියා කරන් ඔබත් දායක වන්න.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News