Citizen.lk
 

හමුදාවේ 28,589ක් යුධ ජයග්‍රහණය වෙනුවෙන් දිවි පූජා කළා, ඒ කැප කිරීම පටු අරමුණු වෙනුවෙන් භාවිතා කරන්න එපා - යුධ හමුදාපති කියයි

හමුදාවේ 28,589ක් යුධ ජයග්‍රහණය වෙනුවෙන් දිවි පූජා කළා, ඒ කැප කිරීම පටු අරමුණු වෙනුවෙන් භාවිතා කරන්න එපා - යුධ හමුදාපති කියයි | Army head Mahesh Senanayake Speaks
Thu 17 May 2018 2:10 pm
19,154 views

ලක්වාසීන් වර්තමානයේ භුක්ති විඳින නිදහස වෙනුවෙන් යුද හමුදාවේ 23962ක්, නාවික හමුදාවේ 1160ක්, ගුවන් හමුදාවේ 443ක්, ශ්‍රී ලංකා පොලීසියේ 2568ක් සහ සිවිල් ආරක්‍ෂක බළකායේ 456ක සාමාජිකයන් ඇතුළු 28,589කට අධික පිරිසක් මාතෘ භූමිය වෙනුවෙන් සටන් වැද දිවි පුදා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.

එසේ දිවි පුදා හිමි කරගත් නිදහස පටු අරමුණු හා පුද්ගලික න්‍යාය පත්‍රයන් වෙනුවෙන් භාවිත නොකළ යුතු බවද හමුදාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටිනවා.

යුධ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බප පවසා සිටි අතර එමෙන්ම යුද හමුදාව, මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා විශේෂිත වු වැඩපිළිවෙලක් සකස් කොට ඇති අතර සෑම රෙජිමේන්තු මධ්‍යස්ථානයකදීම හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආගමික වාතාවත් සිදුකරන බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 19 වැනිදා රණවිරු සැමරුම් උත්සවය ජාතික රණවිරු ස්මාරකය අබියසදී පැවැත්වෙන අතර එදිනම ඓතිහාසික කැලණිය රජමහා විහාරයේදී ආලෝක පුජාවක් යුද හමුදාවේ මූලිකතවයෙන් පැවැත්වීමට නියමිත බවද හෙතෙම පවසා සිටියේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News