Citizen.lk
 

දුරකථන සංඥා කුළුනු වල බැටරි ගලවා අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට

 දුරකථන සංඥා කුළුනු වල බැටරි ගලවා  අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට | tower battery robbery
Thu 17 May 2018 12:21 pm
355 views

ජංගම දුරකථන සංඥා කුළුනු වල සවිකර ඇති වටිනා බැටරි රාත්‍රී කාලයේ පැමිණ සූක්ෂම ලෙස ගලවා අලෙවි කරන ලැදැයි පැවසෙන සංවිධානත්මක සොර කණ්ඩායමක ප්‍රධානියකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මෙහෙයුමකින් අද (17) අත්අඩංගුවට ගත් බව කොච්චිකඩේ පොලීසිය කියයි.

වෙන්නප්පුව ,කොච්චිකඩේ ,සීදුව, මඩම්පැල්ල යන ප්‍රදේශ වල දුරකථන සංඥා පද්ධති කුළුනු වල සවිකර තිබු ප්‍රධාන විදුලිය විසන්ධි වු විට විදුලිය සැපයෙන බැටරි ගලවා සොරකම් කර රැගෙන ගොස් ජාඇල ඒකල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අපරාධ අංශයට ලද තොරතුරු මත අධිවොල්ටීය සහිත බැටරි 32 සොයා ගත් බවත් එම බැටරි වල වටිනා කම ලක්ෂ 40 පමණ වෙතැයි පොලීසිය පවසයි.

ටෙලිකෝම්, ඩයලොග්, ජංගම දුරකථන සංඥා පද්ධති කුළුනු වල පහත කොටසක ආරක්ෂිත අයුරින් මෙම බැටරි සවි කර තිබියදී කිසිවෙකුට සැක නොසිනෙන ලෙස සේවා නඩත්තු සඳහා පැමිණි පිරිසක් ලෙස සැකකරුවන් විසින් බැටරි ගලවා තිබු බව පොලීසිය කියයි.

ප්‍රධාන විදුලිය විසන්ධි වු විට මෙම බැටරි අධාරයෙන් සංඥා සැපයන බවත් සුර්ය කෝෂ විදුලි පද්ධති වලට සවි කිරීමටද හැකියාව ඇති බැටරි වර්ගයක් බැවින් මෙය පහසුවෙන් අලෙවි කරන ලද මුදල් මත්කුඩු පානයට යොදා ගත් බව සැකකරුවන් ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වු බව පොලිසිය කියයි

 

Latest News

( 8 views)

You may also like

Latest Videos

( 35 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News