Citizen.lk
 

ලංකාවේදී මියගිය බ්‍රිතාන්‍ය රගර් ක්‍රීඩකයින්ගේ මරණයට ත්‍රීවිල් රියදුරෙක් ඈඳෙයි - ක්‍රීඩකයින්ට දුන්නේ මොනවාදැයි හොයන්න විශේෂ පරීක්ෂණයක්

ලංකාවේදී මියගිය බ්‍රිතාන්‍ය රගර් ක්‍රීඩකයින්ගේ මරණයට ත්‍රීවිල් රියදුරෙක් ඈඳෙයි - ක්‍රීඩකයින්ට දුන්නේ මොනවාදැයි හොයන්න විශේෂ පරීක්ෂණයක් | Rugby Player Dead in Sri Lanka Reason
Thu 17 May 2018 10:26 am
2,922 views

ශ්‍රී ලංකාවේ පැවති සුහද රග්බි තරඟාවලියක් සඳහා මෙරටට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුර වී මියගිය බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන් දෙදෙනා මරණයට පෙර අධික ලෙස මත්පැන් සහ කොකේන් මත්කුඩු පානය කර ඇති බවට හෙළි වී ඇති බව පොලිස් ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු දැනගන්නට ලැබෙනවා.

මෙම සිද්ධිය සිදුවූ දිනයේ ක්‍රීඩකයින් ගමන් ගත් ත්‍රීරෝද රථයක රියදුරෙකු ඔවුන්ට මෙම කොකෙන් මත්කුඩු ලබාදී ඇති බවටද පොලිසිය විසින් මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව පසුව මියගිය බෙට් තෝමස් රීඩ් 27 හැවිරිදි ක්‍රීඩකයා මියයාමට පෙර අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී මේ සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවත් එසේම රෝගාතුර වී සිටියදී ඔහුගේ මිතුරන්ටද ඒ බව දැනුම් දී ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක සිට ත්‍රීරෝද රථයකට ගොඩවී ඉකුත් 13 වැනි දින පැමිණ ඇති අතර එම ත්‍රීරෝද රථ රියදුරු මොවුන්ට කොකේන් ලබා දී ඇති බවට පසුව අනාවරණය වී තිබුණා.

මොවුන්ට කොකේන් ලබාදුන් බව කියන ත්‍රීරෝද රථ රියදුරු අත්ඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු පොලිසිය විසින් සිදුකරගෙන යන බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙදින මෙම ක්‍රීඩකයන් දෙදෙනා අවස්ථා කිහිපයකම අධික ලෙස විවිධ වර්ගයේ මත්පැන් පානය කර ඇති බවත් මත් පැන් වලට අමතර කොකේන් මත්කුඩු ද පානය කිරීමෙන් මොවුන්ට ඒවා ඔරොත්තු නොදී ඇති බවට සැකකරන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News