Citizen.lk
 

උඩවලව හා කලාවැවේ වාන් දොරටු විවෘත කරයි

උඩවලව හා කලාවැවේ වාන් දොරටු විවෘත කරයි  | kala wawa and udawalawe  Spillway gates opened
Thu 17 May 2018 7:53 am
509 views

උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කර තිබෙනවා. කලා වැවේ වාන් දොරටු දෙකක් විවෘත කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නෙ. අනුරාධපුර, පොලොන්නරුව ඇතුළු බලපෑම් එල්ල විය හැකි ප‍්‍රදේශවල ජනතාව දැනුවත් කිරිමටත් පියවර ගෙන තිබෙනවා.

ආපදා සම්බන්ධයෙන් ජනතාව තුල පවතින අවබෝධය වැඩි කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් අද (17) සිට ආරම්භ කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නෙ. ඇතැම් මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මිටර් 80 දක්වා ඉහල යන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා සදහන් කළේ.

දිවයිනට බස්නාහිර , දකුණු සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප‍්‍රදේශවල ක්‍රියාකාරි වළාකුළු පද්ධතියක් වර්ධනය වුණා. එය ඉදිරි පැය කිහිපය තුල සකි‍්‍රයව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නෙ. මධ්‍යම , සබරගමුව , දකුණ සහ බස්නාහිර ඇතුළු පළාත් වලට තද වැසි හටගැනීමේ කාලගුණ තත්ත්වයක් ද පවතිනවා.

Latest News

You may also like

Latest Videos

( 35 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News