Citizen.lk
 

රග්බි සෙල්ලම් කරන්න ලංකාවට පැමිණි අනෙක් බ්‍රිතාන්‍ය ක්‍රීඩකයාත් මියයයි

රග්බි සෙල්ලම් කරන්න ලංකාවට පැමිණි අනෙක් බ්‍රිතාන්‍ය ක්‍රීඩකයාත් මියයයි | Rugby Player Dead in Sri Lanka Update
Tue 15 May 2018 4:34 pm
2,490 views

සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු පසුගියදා මියගිය අතර ඔහු සමඟින් රෝහල් ගතකර සිටි අනෙක් ක්‍රීඩකයාද අද (15) මියගොස් තිබෙනවා.

ඔහු 27 හැවිරිදි බෙට් තෝමස් රීඩ් නම් පුද්ගලයෙකු වන අතර කළමනාකරුවෙක් හා ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් යුත් රග්බි කණ්ඩායමක් පසුගිය සතියේ මෙරටට පැමිණි අතර පොලීසිය පැවසුවේ, පසුගිය 12 වන දා කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවැති එම සුහද තරගාවලියකට ඔවුන් සහභාගී වී ඇති බවයි.

ඔවුන් ක්‍රීඩා සංකීර්ණයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී වී තිබෙන අතර අනතුරුව ඔවුන් නැවති සිටි හෝටලයට පැමිණ රාත්‍රී 10. 30 ට පමණ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති බව පොලිස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.

මේ අතර අලුයම 4 ට පමණ හෝටලයට පැමිණි ක්‍රීඩකයින් දෙදෙනෙකු උදෑසන 10 ට පමණ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙන අතර ඔවුන් දෙදෙනායි මෙලෙසින් මියගොස් ඇත්තේ.

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News