Citizen.lk
 

අපේක්ෂා කළ මුදල ලැබුණේ නෑ - හෙට මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත බස් වර්ජනයක් ක්‍රියාත්මකයි - වර්ජනයට ප්‍රධාන බස් සංගම් තුනක් එක්වෙයි

අපේක්ෂා කළ මුදල ලැබුණේ නෑ - හෙට මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත බස් වර්ජනයක් ක්‍රියාත්මකයි - වර්ජනයට ප්‍රධාන බස් සංගම් තුනක් එක්වෙයි | bus fare increase and strike
Tue 15 May 2018 2:28 pm
295 views

 


අපේක්ෂා කළ අන්දමින් බස් ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය නොලැබීම හේතුවෙන් හෙට (16) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව අන්තර්පලාත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

තම සංගමය රජයට යෝජනා කළේ 20%ක ගාස්තු වැඩිවීමක් බවත් එහෙත් ලැබී තිබෙන්නේ 6.56%ක බස් ගාස්තු වැඩිවීමක් නිසා එම මුදල ප්‍රමාණවත් නොවන හෙයින් හෙට (16දා) මධ්‍යම රාත්‍රී 12 සිට බස් රථ ධාවනයෙන් ඉවත් කර ගන්නා බව අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ සභාපති විජිත කුමාරසිරි මහතා සඳහන් කළා.

මෙම වර්ජනයට සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය හා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද මීට සුළු වේලාවකට පෙර සහය පල කිරීමට තීරණය කර තිබෙනවා.

Latest News

( 8 views)

You may also like

Latest Videos

( 35 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News