Citizen.lk
 

ඇනපිය ඇනපිය ඕකට.. අයින්න ඕනේ මැරෙන්න - හිංසාකාරී ලෙස ගැටගසා සිටි කුලු හරක් 12 ක් බේරාගත් ඇමති තෙවරප්පෙරුමගේ සත් ක්‍රියාව

ඇනපිය ඇනපිය ඕකට.. අයින්න ඕනේ මැරෙන්න - හිංසාකාරී ලෙස ගැටගසා සිටි කුලු හරක් 12 ක් බේරාගත් ඇමති තෙවරප්පෙරුමගේ සත් ක්‍රියාව | Thewarapperuma rescues wild bulls
Tue 15 May 2018 12:13 pm
3,352 views


නුවරඑළිය - අඹේවල - 7 කණුව ප්‍රදේශයේ කන්දෙඇල රක්ෂිතයේ හිංසාකාරී ලෙස ගැටගසා සිටි කුලු හරක් 12 දෙනෙකු නිදහස් කිරීමට අද වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සිදු කරනු ලැබීය.

සිද්ධියට අදාළව පුද්ගලයින් 7 දෙනෙකු හා වාහන 2 ක්ද පොලිස් බාරයට පත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය. අද දහවල් නුවරඑළිය - අඹේවෙලට පැමිණෙමින් සිටි වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා 7 කණුව කන්දෙඇල රක්ෂිතයේ ගැටගසා සිටි කුලු හරක් 11 දෙනෙක් දැක තිබේ.

අනතුරුව එම ස්ථානයට ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සතුන් හිංසාකාරීව ප්‍රවාහනය කිරීමට සූදානමින් සිටි පිරිසකගෙන් ඒ ගැන විමසා සිටියේය.පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පට්ටිපොල පොලීසියේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට කැඳවුවේය.

අනතුරුව සතුන් ප්‍රවාහණයට සූදානමින් සිටි පිරිස ලවා ලොරි රථයට පටවා සිටි තවත් කුලු හරකෙකු ලිහා දැමීමට ද නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළේය.පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නුවරඑලිය සහකාර ප්‍රාදේශිය ලේකම්වරිය හා වනජීවී නිලධාරීන් ද එම ස්ථානයට කැඳවා තිබේ.

ඔවුන්ගෙන කළ ප්‍රශ්න කිරීමේදි සහකාර ලේකම්වරිය පවසා සිටියේ ප්‍රදේශයේ වගා හානි කරන මෙම සතුන් නුවරඑළිය සංවර්ධන කමිටු රැස්වීමේදී ගත් තීරණයකට අනූව අම්බලංගොඩ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානමින් පසුවූ බවයි කෙසේ වෙතත් පසුව සත්ව හිංසාව යටතේ සතුන් ප්‍රවාහණයට සූදානමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු හා රථ දෙකක් පට්ටිපොල පොලිසිය බාරයට ගත් බව වාර්තා වෙයි

 

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News