Citizen.lk
 

දකුණේ දරුණුවට පැතිර යන වෛරස් උණ රෝගයක් - ළමයින් 05 දෙනෙකුත් මියගිහින් - කුඩා දරුවන් පරිස්සම් කරගන්න සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලයි

 දකුණේ දරුණුවට පැතිර යන වෛරස් උණ රෝගයක් - ළමයින් 05 දෙනෙකුත් මියගිහින් - කුඩා දරුවන් පරිස්සම් කරගන්න සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලයි | fever for babies
Tue 15 May 2018 9:40 am
1,002 views

දකුණු පළාත තුළ පැතිර යන හඳුනා නොගත් වෛරස් උණ රෝගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල දැඩි අවධානය යොමු වී තිබෙනවා.

මෙම උණ රෝගය විශේෂයෙන්ම කුඩා දරුවන් අතර වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බවටයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපය තුළ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ කුඩා ළමයින් 05 දෙනෙකු පමණ මෙම වෛරස් උණ රෝගයෙන් මිය ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

තංගල්ල, හම්බන්තොට සහ වලස්මුල්ල යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් මෙම උණ රෝගීන් වාර්තා වන අතර ඔවුන් මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ හේතුව නිසා රෝගීන් බැලීම සඳහා පැමිණීමේදී සහ ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේදී ඒ පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා කියා සිටියේ.

Latest News

( 8 views)

You may also like

Latest Videos

( 35 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News