Citizen.lk
Citizen News Line
 

ඔබගේ නොදැනුවත් කම හා නොසැළකිලිමත්කම නිසා රටට සිදුවන මහා පාඩුව  

ඔබගේ නොදැනුවත් කම හා නොසැළකිලිමත්කම නිසා රටට සිදුවන මහා පාඩුව    | central bank of sri lanka
Tue 15 May 2018 6:35 am
228 views

 

මුදල් නෝට්ටුවල කුරුටු සටහන් ඇදිම ඇතුලු තවත් හේතු ගණනාවක් මත පසුගිය අවුරුද්දේ මහ බැංකුවට පාවිච්චියට ගත නොහැකි මුදල් වශයෙන් රුපියල් කෝටි නවදහස් හාරසියයක මුදල් භාවිතයෙන් ඉවත් කර විනාශ කිරිමට සිදුවු බව මහ බැංකුව පවසනවා. මෙසේ විනාශ වි ඇති වටිනාකම ඇතුලත් මුදල් නෝට්ටු ප්‍රමාණය මිලියන 177ක් වෙයි.

ඇතැම් පුද්ගලයන් විසින් මුදල් නෝට්ටුවල බලි කුරුටු අදිති. තවත් අය නම් ගම් ලිපින කවි ගීත කොටස් ආදර වදන් සහ තවත් බොහෝ දේ සටහන් කර මුදල්වල ස්වාභාවික පෙනුම විකෟති කරති. මෙසේ මුදල් මේ ආකාරයෙන් විනාශ කිරිම මහබැංකුව පෙන්වා දෙන්නේ ජාතික විනාශයක් ලෙසයි.

මෙම ජාතික විනාශය නිසා රටේ ජාතික ධනය හෙවත් මහජනතාවගේ මුදල් මහා විනාශයකට පත්වෙයි. මෙම විශෘල ධන හානිය රටේ ඇතැම් පුද්ගලයන්ගේ නොසැළකිලිමත් භාවය , නුගත්කම මෙන්ම හිතාමතා සිදුකරන කරන ජාතික විනාශයක් බවද මහ බැංකුව සඳහන් කරයි.

මහබැංකුව පෙන්වා දෙන්නේ ඇතැම් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන පුද්ගලයන් හිතා මතාම මුදල් නෝට්ටුවල බලි කුරුටු සටහන් කර විනාශ කරන බවයි.
කෙසේ වෙතත් මුදල් නෝට්ටු විනාශ කිරිමටත් අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරිමටත් කෝටි ගණනක වියදමක් වැය කිරිමට සිදු වන බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.


මුදල් නෝට්ටු විනාශ කිරිම සඳහා මහ බැංකුවට අදල අණපනත්වලින්ම බලය පවරා තිබේ නෝට්ටු විනාශ කිරිමට පුළුස්සා දැමිය යුතු වුවත් ඒවා පිළිස්සිම තුළින් පරිසර හානියක් සිදු වන බැවින් මහ බැංකව එම නෝට්ටු දියර කර යළි අඹරා කුට්ටි ලෙසින් සකස් කර විවිධ විසිතුරු භාණ්ඩ ඇතුලු දැ නිර්මාණය කිරිමට අලෙවි කරනු ලබයි.

භාවිතයට නසුදසු තමන් සතු මුදල් නෝට්ටු බැංකු වෙත් ලබා දිමට නියමිත කාලයක් මහ බැංකුව මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.

පසුගිය 30 වැනි දිනෙන් එම කාලය අවසන් විය. එහෙත් තවමත් භෘවිතයට නසුදසු වනපරිදි විවිධ දැ සටහන් කරන ලද මුදල් නෝට්ටු සංසරණයේ පවති. බොහෝ පිරිස් ඒවා භාර ගැනිම ප්‍රතික්ෂේප කළත් සාමාන්‍ය ජනතාව අතර හොර රහසේ එකිනෙකා අතට පත් කරමින් එම මුදල් නෝට්ටු භාවිතා වෙයි.

එම මුදල් නෝට්ටුද මහබැංකුව වෙත භාරදිමට අවස්ථාව මහ බැංකුව මගින් ප්‍රකාශයට පත් කර තිබු සහන කාලයේ බාර නොදි තවමත් භාවිතා වන එම මුදල් නෝට්ටු මහ බැංකුවට වෙත ගෙන ගොස් බාරදිමට අවස්ථාව සළසා දි ‍තිබේ. මහ බැංකුව වෙත ගෙන ගොස් බාර දිමටත් එසේ නැතහොත් දුර පළාත්වල සිටින පුද්ගලයන්ට තැපැල් මගින එවිමටත් අවස්ථාව සළසා දි ඇත. මෙතෙක් කාලයක් එම මුදල් නෝට්ටු බැංකු වෙත බාර දිමට ලබා දි තිබු කාලය අවසන් වීම නිසා මෙසේ මහ බැංකුව වෙත බාර දිම සිදු කළ හැකි වෙයි.

මහ බැංකුව පවසා සිටින්නේ දියුණු වන රටක භාවිතා වන මුදල් නෝට්ටු පිරිසුදුවට ලස්සනට තිබිම එම රටේ සංචාරක ආකර්ෂණයටද හේතුවක් වන බවයි. විවිධ මුදල් කාඩ්පත් හරහා ගණුදෙනු කිරිම නිසා නෝට්ටු භාවිතය අඩු වුවත් සාමාන්‍ය ජනතාව අත විශාල වශයෙන් භාවිතා වන්නේ මුදල් නෝට්ටු වෙයි. ඒවා ප්‍රවේශම් කිරිමේ වග කිම පැවරි ඇත්තේ මහජනතාවටය. විනාශ වන මුදල් යළි මුද්‍රණය කිරිමට මහ බැංකුවට වියදම් වන මුදල් කිසිදු ලාබයක් නොලැබෙන මුදල්ය. පසු ගිය වසරේ විනාශ වු රුපියල් කෝටි නවදහස් හාරසියය යළි මුද්‍රණය කිරිමටද මහ බැංකුවට වියදම් වන මුදල ඒ ආකාරයේ කිසිදු ලාභයක් නොලැබෙන මුදලක් වෙයි. එම නිසා මහ බැංකුව නිරතුරුවම මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මුදල් නෝට්ටු කිසිදු ආකාරයකින් විනාශ නොකරන ලෙසයි.

විජයානි එදිරිසිංහ

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News