Citizen.lk
Citizen News Line
 

නව වන ජීවී ඇමතිගෙන් අලි මිනිස් ගැටුමට සාර්ථක විසඳුමක්

නව වන ජීවී ඇමතිගෙන් අලි මිනිස් ගැටුමට සාර්ථක විසඳුමක් | New Plan for Elephant Attack
Mon 14 May 2018 4:23 pm
611 views

තිරසර සංවර්ධන, වන ජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අලි මිනිස් ගැටුමට සාර්ථක විසදුමක් කඩිනමින් ලබා දෙන බව පවසනවා.

තෙල්දෙණිය, මහදොරලියද්ද ප්‍රදේශයට මහත් ගැටළුවක්ව සිටි වන අලියා නිර්වින්දනය කර අල්ලා ගත් ස්ථානයට පැමිණි අවස්ථාවේදීයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියා.

ඔහු මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේ පවසා සිටියා. "අවුරුදු 70ක් විතර පරණ ප්‍රශ්නයක් අපිට අවුරුදු එකහමාරක් විතර තියෙනවා විසඳන්න. වනජීවි දෙපාර්තමේන්තුව අවදි කරලා අපි මේකට අලුත් ක්‍රමවේදයක් හදනවා. ජනතාවගේ ප්‍රශ්නවලට සවන්දීලා..ඒ අයගේ පැත්තෙන් විසඳුම් දෙනවා. මේ හැම දෙයක්ම වෙන්නේ වනජීවිනුත් ආරක්ෂා කරනකමන්."

මෙම වන අලියාගේ ප්‍රහාරවලින් ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර සිටියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News