Citizen.lk
 

අවියක් අතින් ගත් අයෙකු බිම හෙලා මෙල්ල කළ වීර කාන්තාව - වීඩියෝ

අවියක් අතින් ගත් අයෙකු බිම හෙලා මෙල්ල කළ වීර කාන්තාව - වීඩියෝ | Gunman who attempted to rob young children and families outside a school is killed by a waiting mother
Mon 14 May 2018 3:18 pm
4,571 views

ගිනි අවියක් අතින් ගෙන බ්‍රසීලයේ පාසැලක් අසලට පැමිණි පුද්ගලයෙකු මෙල්ල කිරීමට කාන්තාවක් විසින් ගත් උත්සාහයක් පිළිබඳව මේ වන විට ලොවපුරා බොහෝ මාධ්‍ය රැසක කතාබහට ලක්ව තිබෙනවා. අදාල සිදුවීම එහි තිබූ කැමරාවකද සටහන්ව තිබෙන අතර මෙම පුද්ගලයා ගිනි අවියක් රැගෙන පැමිණ ඇත්තේ සොරකමට බවයි පැවසෙන්නේ.

ඔහු අදලා ස්ථානයට පැමිණෙනවාත් සමඟින් ක්‍රියාත්මක වූ කාන්තාව ඇයගේ අත තිබූ ගිනි අවියෙන් සැකකරුට වෙඩි තබා තිබෙනවා. ඔහු ඉන් පසුව බිම ඇඳ වැටී අතර අසල සිටි පිරිසට ඉවත්ව ආරක්ෂිත ස්ථානයක් කරා යාමට මෙහිදී ඉඩ අවස්ථාව සැලසී තිබෙනවා.

පසුව විස්තර සොයා බැලීමේදී දැනගන්නට ලැබී ඇත්තේ සැකකරුට වෙඩි තබා මෙල්ල කළ කාන්තාව පොලිස් නිලධාරිණියක් බවයි. ඇය මෙලෙසින් වෙඩි තබා ඇත්තේ ඇයගේ රාජකාරි ගිනි අවියෙන් බවටද තොරතුරු පසුව අනාවරය වි ඇති අතර ලෝක මව්වරුන්ගේ දිනයේදී මෙම කාන්තාවට විශේෂ සම්මානයක් මෙන්ම ඇගයිමක්ද ලැබී ඇති බවයි විදෙස් මාධ්‍යව වාර්තා කර සිටින්නේ.

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News