Citizen.lk
 

වර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ හා මාර්ග ජලයෙන් යටවෙයි - Photos

වර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ හා මාර්ග ජලයෙන් යටවෙයි - Photos | wather report
Sun 13 May 2018 2:48 pm
617 views

 

බේරුවල ප්‍රදේශයට ඇද හැලුනු අදික වර්ෂාව හේතුවෙන් බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පහත් බිම්, වගා බිම්, නිවාස ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි ග්‍රාම නිලධාරීන් සඳහන් කළා.

බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 100ක් පමණ මේ වන විට ජලයෙන් යටවී ඇතැයි ග්‍රාම නිලධාරීන් සඳහන් කරයි. මේ අතර අලුත්ගම ඓතිහාසික කන්දේවිහාරයට පිවිසෙන මාර්ගයේ ස්ථාන කිහිපයක් වසර 30කට පසුව මෙසේ ජලයෙන් යටවී ඇතැයි ප්‍රදේශවාසීන් සඳහන් කරයි. මේ පිළිබඳ බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා ප්‍රකාශ කළේ ජලයෙන් යටවී ආපදාවට ලක් වු ඒ ඒ ග්‍රාම නිලධාරී වසම්වල ග්‍රාම නිලධාරී දැනුවත් කර එම ජනතාවට අවශ්‍ය සහන සැලසීමට ගන්නැයි ආපදා සහන නිලධාරීන් ඇතුළු නිලධාරීන් දැනුවත් කර බවයි.


මේ අතර ඇති වු වර්ෂා තත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ වෙරළබඩ කලාපයේ තදාසන්න නාගරික බල ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව පීඩාවට පත් වී ඇති බව වාර්තා වී ඇතැයි කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂක ලුතිනන් කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා ඊයේ(13) කළ විමසීමකදී සඳහන් කළහ.පානදුර,කළුතර, හා බේරුවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදා තත්ත්වය සොයා බැලීමට මේ වන විටත් නිලධාරීන් යොමු කර ඇත.

මේ අතර පයාගල පොතුවිල ප්‍රදේශයේ විහාරස්ථානයක් ද ජලයෙන් යටවී ඇතැයි සඳහන් කරයි. අලුත්ගම, කළුවාමෝදර, දර්ගානගරය, කාලවිල,පිංහේන,වලතර, පයාගල, හල්කඳවිල,සිංහගම ආදී ප්‍රදේශ ජලයෙන් දැඩි බලපෑමට ලක් ඇති බව එම ප්‍රදේශවාසීන් සඳහන් කළා.

 


එමෙන්ම ගාල්ල ප්‍රදේශයට ද ඊයේ රාත්‍රියේ සිට පැය තුනක කාලයක් තිස්සේ ඇද හැලුන ධාරානිපාත මහ වැසි නිසා ගාල්ල නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබෙනවා.

ගාල්ල මහාවිදිය , වක්වැල්ල පාර , දංගෙදර , තනිපොල්ගහ හන්දිය බෙලිගහ හන්දිය කලේගාන නුගදූව සමගිවත්ත යන ප්‍රදේශ ඇතුලු තවත් ප්‍රදේශ රැසක මහා මාර්ග අතුරු මාර්ග මෙන්ම නිවාස සහ කඩ සාප්පුද ජලයෙන් යට වී තිබේ.

බොහෝ ප්‍රදේශවල මාර්ග අයිනේ ඇති කඩ සාප්පු අඩි දෙකක් පමණ ජලයෙන් යට වී ඇත.

 

මේ අතර, මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගවලට පස් කදු කඩා වැටිමේ අවදානමක් පවතින බව ආපදා කළමණාකාර ඒකකය පවසනවා.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ දි ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මන්තිරුවකට පමණක් මේ වන විට සිමා කර තිබෙනවා.

අධික වර්ෂාවත් සමගම තවදුරටත් ප්‍රධාන මාර්ග වලට පස් කදු කඩා වැට්ම්, ගස් සහ ගස් වල අතු කඩා වැට්ම හා ගල් පෙරලිමේ අවදානමක් මතු වි ඇති නිසා එම මාර්ගවල ගමන් කිරිමේදි හා ගාල් කිරිමේදි සැළකිලිමත් වන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.


තවද අධික වර්ෂාවත් සමගම ඝන මීදුම් තත්ත්වයක්ද පවතින බැවින් ප්‍රධාන මාර්ගවල වාහන ධාවනය කිරිමේදි වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන සැළකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ට දන්වා සිටිනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News