Citizen.lk
 

ලංකාවේ බලශක්ති දැවැන්තයා LTL නේපාලයට පිවිසෙයි

ලංකාවේ බලශක්ති දැවැන්තයා LTL නේපාලයට පිවිසෙයි | LTL Holdings Start Work in Nepal
Tue 08 May 2018 11:50 am
397 views

LTL සමාගම විසින් නේපාලයේ ආරම්භ කරන මෙම නවතම ජලවිදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ බටහිර නේපාලයේ දර්චුලා දිස්ත්‍රික්කයේය. එය මකාරි ගංගාවේ ජලයෙන් ක්‍රියාත්මක කෙරෙන අතර අවට ඇති හිමෙන් වැසීගත් නේපාල කඳුවලින් මෙම ගංගාවට වසර පුරාම ජලය සැපයෙන බැවින් බලාගාරයයේ ඉහළ ජනන හැකියාවක් පවත්වාගත හැකිය. තිබේ. LTL හි උප සභාපති (පුනර්ජනනීය බලශක්ති) සමීර ගනේගොඩ මහතා පවසන පරිදි මෙම ව්‍යාපෘතිය 2019 වසර අවසාන වන විට සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත.

අවශ්‍ය සියලූ මූල්‍ය තත්ත්වයන් මේ අයුරින් සපුරා ගැනීම මඟින් ශ්‍රී ලාංකික සමාගම්වලට නේපාලයේ බලශක්ති වෙළෙඳපොළට පිවිසීමේ පහසුව සැලසෙන අතරම, ව්‍යාපෘතිය සඳහා ව්‍යාපෘති මූල්‍යකරණ පදනම මත මුදල් ප‍්‍රතිපාදන හිමිවීම නේපාලයේ මෙතෙක් ප‍්‍රයෝජනයට නොගත් සුවිසල් ජලවිදුලි සම්පත යොදාගනිමින් බලශක්ති නිෂ්පාදනය කිරීම සඳහා කලාපයේ සෙසු කණ්ඩායම් දිරිගැන්වීමක් වනු ඇත.

වසර ගණනාවක් පුරා ජලවිදුලි බල ක්ෂේත‍්‍රය තුළ ලද සුවිසල් තාක්ෂණ විශේෂඥතාව සමඟ ලොව සුපතළ යුරෝපීය සැපයුම්කරුවන්ගෙන් ලබාගනු ලබන විශිෂ්ටතම යන්ත‍්‍ර සූත‍්‍ර මනා සැලකිල්ලෙන් යුතුව මසුකොට නවතම තාක්ෂණයෙන් සමන්විත ආදර්ශ බලාගාරයක් ඉදිකිරීමට LTL සමාගම අපේක්ෂා කරයි.

LTL යනු රුපියල් බිලියන 28 කට අධික ආදායමක් උපයාදෙන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම බලශක්ති සැපයුම් සමාගමයි. ශී‍්‍ර ලංකාවේ දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වෙමින් අත්දැකීම් ලබා ඇති LTL සමාගම මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්තිය පුළුල් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇත.

LTL සමාගම අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාවේ රටවලට සිය ට‍්‍රාන්ස්ෆෝමර් අපනයන කටයුතු ඔස්සේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ සුවිශාලතම කර්මාන්තමය උපකරණ අපනයන සමාගම් අතරින් එකකි. සිය හිමිකාරිත්වය සහිත ව්‍යාපෘති මඟින් මෙගාවොට් 200 කට අධික බල සැපයුම් ප‍්‍රමාණයක් සහිතව බංග්ලාදේශයේ තාප බල ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රබල නියෝජනයක් පවත්වා ගැනීමටද LTL සමත්ව සිටියි. දැනට ආයතනය මඟින් මෙගාවොට් 500 කට අධික ධාරිතාවයක් ඇති ව්‍යාපෘති හතරක් බංග්ලාදේශයේ ආයෝජකයන් වෙනුවෙන් ඉදිකෙරෙමින් පවතී.

Latest News

You may also like

Latest Videos

Hot Video

Matara Rob CCTV | මාතර මංකොල්ලයේ CCTV දර්ශන එළියට

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News