Citizen.lk
Citizen News Line
 

කීර්තිමත් වනජීවී සිනමාකරු ජිරාෆ්ගේ පා පහරින් මියයයි - Photos

කීර්තිමත් වනජීවී සිනමාකරු ජිරාෆ්ගේ පා පහරින් මියයයි - Photos | Award-winning director, 47, is killed by Gerald the GIRAFFE as he films close up shot of the animal
Tue 08 May 2018 8:28 am
792 views

ජිරාෆ් සතෙක් ගෙන් එල්ලවූ ප්‍රහාරයකින් කීර්තිමත් වනජීවී සිනමාකරුවෙකු වන කාලෝස් කාර්වේලෝ මිය ගොස් තිබෙනවා. රූගත කිරීමක් අතර වාරයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර ජිරාෆ් සත්වයෙක් සම්බන්ධයෙන් රූගත කිරීමක යෙදී සිටියදී ඔහු එම සත්වයා අසලට ගොස් ඇති අතර එහිදී එම සත්වයා කලබලවී දිවයාම හේතුවෙන් ඔහුගේ හිසට එල්ලවූ පා පහරක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගත කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ පිහිටි " Glen Afric Country Lodge" නිවාඩු නිකේතනයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර ඔහුව එම අවස්ථාවේදීම රෝහල් ගත කලත් ඇතිව තිබු සංකුලතාවයන් හේතුවෙන් පසුව මිය ගිය බවයි පැවසෙන්නේ.

"Glen Afric Country Lodge" නිවාඩු නිකේතනය වන සතුන් සමීපයට පැමිණෙන ස්ථානයක් ලෙසින් සංචාරකයින් අතර ප්‍රසිද්ධයක් උසුලනවා.  2014 වසරේදී කාලෝස් කාර්වේලෝ විසින් රූගත කල "The Forgotten Kingdom" චිත්‍රපටයට අප්‍රිකානු චිත්‍රපට ඇකඩමි සම්මානය හිමිවුණා.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News