Citizen.lk
Citizen News Line
 

අපේ අතින් වැරැද්දක් වුණා - පාස්වර්ඩ් හැකි ඉක්මණින් වෙනස් කරගන්න - ට්විටර් සමාගමෙන් විශේෂ නිවේදනයක්

අපේ අතින් වැරැද්දක් වුණා - පාස්වර්ඩ් හැකි ඉක්මණින් වෙනස් කරගන්න - ට්විටර් සමාගමෙන් විශේෂ නිවේදනයක් | Twitter says all 336 million users should change their passwords
Fri 04 May 2018 8:19 am
219 views

මිලියන 330 ක් වූ ගිණුම් හිමියන්ගේ මුරපද හැකි ඉක්මනින් වෙනස් කරන්නැයි ට්විටර් සමාගම සිය පාරිභෝගිකයින්ගෙන් අද (04) ඉල්ලා සිටියා.

ට්විටර් සමාගමේ අභ්‍යන්තර පරිඝණක පද්ධතියේ ඇතිව තිබෙන යම් බිදවැටීමක් හේතුවෙන් සිය ගිණුම් හිමියන්ගේ දත්ත වල රහස්‍යභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිය ට්විටර් ගිණුමේ මුරපදය වෙනස් කරන මෙන් එම සමාගම ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් තෙවන පාර්ශවයකට ට්විටර් ගිණුම්වල රහස් පද හෙළිවී ඇති බවට මෙතෙක් සාක්ෂි නැති බවද එම සමාගම සදහන් කරන්නේ.

ඇතිව තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් හැකි ඉක්මනින් අවශ්‍ය සියලුම පියවර ගන්නා බව ඔවුන් සඳහන් කරනවා. ලොව ප්‍රධාන පෙලේ රාජ්‍ය නායකයින් ඇතුළු ප්‍රභූවරුන් රැසක් ට්විටර් ගිණුම් භාවිතා කරනවා.

කෙසේ වෙතත් සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සියලුම ගිණුම් හිමියන්ගෙන් සමාව අයදින බව ට්විටර් සමාගම සිය බ්ලොග් අඩවියේ සටහනක් තබමින් කියා සිටිනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News