Citizen.lk
 

දුරකථන ලොවේ විප්ලවීය පෙරළියක් සමඟින් OPPO F7 කරළියට - වීඩියෝ

දුරකථන ලොවේ විප්ලවීය පෙරළියක් සමඟින් OPPO F7 කරළියට - වීඩියෝ | OPPO F7 Launch In Sri Lanka
Fri 27 April 2018 3:35 pm
1,548 views

නවතම AI Beauty 2.0 තාක්ෂණය ඇතුළු තවත්විශේෂාංග රාශියක් සමගින් OPPO F7 දුරකථනය දියත් කිරීමට පසුගියදා කටයුතු කළේය. Super Full Screen සහ වැඩිදියුණු කළ multi-tasking මෘදුකාංග සමග පැමිණෙන OPPO F7 දුරකථනය 64 GB - 128GB ධාරිතාවයන්ගෙන් සහ 4 GB - 6GB RAM සහිතය. අප්‍රේල් 25වනදා සිට දිවයින පුරා අලෙවිසැල් Solar Red, Moonlight Silver සහ Diamond Black වර්ණවලින් OPPO F7 දුරකථනය මිලදීගත හැකිවේ.

OPPO F7 දුරකථනයේ Artificial Intelligence තාක්ෂණය තවදුරටත් දියුණු කර ඇති අතර, එය අති-නවීන විශේෂාංග රැසකින්ද සමන්විතයි. High Dynamic Range (HDR) සහිත 25MP කැමරාවක්ද ඇතුළත්ය.

25MP X Real-Time Sensor HDR
OPPO F7 දුරකථනයේ high-resolution 25MP ඉදිරිපස කැමරාවක් සමග real-time High Dynamic Range (HDR) sensor එකක් ඇතුළත් වේ. එම නිසා දුරකථනයෙන් ලබාගත් ඡායාරූප ලොව දියුණු කැමරාවලින් ලබාගත් ඡායාරූපවල තත්ත්වයට ආසන්න මට්ටමේ පවතී.

AI Beauty 2.0 Technology - Your Beauty Expert
මෙහිදී මුහුණුත හඳුනාගැනීමේ හැකියාව (Face recognition) සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව ඡායාරූප වඩාත් අලංකාර කිරීමේ හැකියාව වැඩිදියුණු වී ඇති අතර,භාවිත‍ කරන පුද්ගලයාගේ රුචි අරුචිකම් හඳුනාගෙන ඒවා මතක තබාගෙන ක්‍රියාත්මක වීමේ හැකියාවද එය සතු ය.

Super Full Screen 2.0 සමග 19:9 Aspect Ratio
F7 හි ඇති 2280 x 1080 resolution, 6.23-inch FHD+ Super Full Screen තිරය වඩාත් වෛවර්ණ, සුපැහැදිලි දර්ශන ලබාදෙයි. ඉතාමත් පහසුවෙන් අත්ල මත රඳවාගත හැකි පරිදි එය සැලසුම් කර තිබේ.

නවතම ColorOS 5.0සමග වැඩිදියුණු කළ දෘඩාංග
64-bit 4GBOcta-core ප්‍රොසෙසරය සමග වැඩිදියුණු කළ මෙහෙයුම් ද්ධතියක්ත්‍ F7හි යොදා ඇත.Android 8.1 පදනම්කරගත් ColorOS 5.0 මෙහෙයුම් පද්ධතිය වඩාත් හොඳින් ක‍්‍රියාත්මක කිරීම සඳහා ඊට AI තාක්ෂණයද ඇතුළත් කර තිබේ.


අතිනවීන නිමාවකින්, තරුණ පරපුරේ සිත් දිනාගන්නා ආකාරයට නව OPPO F7 නිපදවා ඇත.Solar Red, Moonlight Silver සහ Diamond Black (64GB and 4GB RAM මාදිලිය සඳහා) යන වර්ණ වලින් මේවා ලබාගත හැකි වේ.

වීදුරු වලින් නිමවූ සුවිශේෂී බඳක් සහිත දිදුලන පෙනුමක් ඇති විශේෂ මාදිලියක් වන 128GB සමග Solar Red සහිත මාදිලිය Diamond Red යන වර්ණ වලින් රු. 69,990 කට මිලදීගත හැක. ආලෝකය වැටෙන දිශාව අනුව වෙනස් වර්ණ දිස්වන ආකාරයට, ඉතාමත් සුවිශේෂී අලංකාරයක් සහිතව මෙය නිමවා තිබේ.

F7 Diamond යනු සැබවින්ම අලංකාරයේ සහ නවීන තාක්ෂණයේ විශිෂ්ට මසුවකි. මීට පෙර කිසිදු දුරකථනයක දිස් නොවූ ආකාරයක සුවිශේෂී වර්ණ රටා පෙළක් මෙහි සෑම කෝණයකින්ම දිස් වේ. ඊට හේතුව වන්නේ දියමන්ති කැපීමේදී හා ඔප දැමීමේදී භාවිතා වන හැඩතල වලට සමාන හැඩතල මෙය නිර්මාණයේදී භාවිතා කර තිබීමයි. එම නිසා ජංගම දුරකථන පාරිභෝගිකයන්ට මෙය සුවිශේෂී අත්දැකීමක් වනු නොඅනුමාන ය.

 

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News