Citizen.lk
 

2019 ක්‍රිකට් ලෝක කුසලානයට දින නියම වෙයි

2019 ක්‍රිකට් ලෝක කුසලානයට දින නියම වෙයි | Cricket World Cup 2019
Wed 25 April 2018 3:00 pm
681 views

2019 වසරේ එක්දින ලෝක කුසලානය මැයි 30දා සිට ජුලි 14 දා දක්වා පැවැත්වීමට ICC විසින් තීරණය කර තිබෙනවා. මේ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාකච්ඡාවක් ඉන්දියාවේ කොල්කටා නුවරදී පවත්වා ඇති අතර, එහිදී මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔවුන් ඉන්දියාවේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ IPL තරඟාවලිය ලබන වසරේ මාර්තු මස 29දා සිට මැයි මස 19දා තෙක් පැවැත්වීමට නියමිත හෙයිනුයි.

ඉන්දීය ප්‍රිමියර් තරගාවලිය හා ජාත්‍යන්තර තරග අතර දින 15ක හිඩසක් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ‘ලෝධා’ කමිටුව නිර්දේශ කර ඇති බැවින් ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ජුනි 04දා දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මුලින්ම මෙම තරගය ජුනි 02දා පැවැත්වීමට නියමිතව තිබුණද පසුව දින 15 හේතුවෙන් එය ජුනි 04 දා දක්වා කල්දැමීමට අයි.සී.සී.ය තීරණය කර තිබෙනවා.

එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන එළිදැක්වීමට ප්‍රථමව ඉන්දියාව හා සාකච්ඡා කිරීමට අයි.සී.සීය කටයුතු කර ඇති අතර යම් හෙයකින් ජුනි 02දා ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර තරගයේ දින වෙනස් නොවූවා නම් ඉන්දීය කණ්ඩායමට එයට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොතිබුණ බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් ‘ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත් සේවයට පවසා තිබෙනවා.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News