Citizen.lk
 

මාලිංග අයින් කරපු මුබ්බායි ඉන්දියන්ස් කන්ඩායම නොසිතූ ලෙස අත් වූ පරාජය - Video

මාලිංග අයින් කරපු මුබ්බායි ඉන්දියන්ස් කන්ඩායම නොසිතූ ලෙස අත් වූ  පරාජය - Video  | MI vs SR  Sunrisers Hyderabad beat Mumbai Indians by 31 runs
Wed 25 April 2018 10:48 am
422 views

මේ දිනවල හැමෝම කතා කරන IPL තරඟාවලියේ තවත් උණසුම් තරඟයක් ඊයේ අවසන් වුනේ කිසිවකු නොසීතු ලෙසින්ය වසර ගණනාවක් IPL තරඟ වල ප්‍රබල කණ්ඩායමක් ලෙස නම් දැරූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවති තරඟයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කොට 31 කින් ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 119 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඕවර 18.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 87 ක් පමණි.

සූර්යකුමාර් යාදව් ලකුණු 34 ක් සහ කෲනාල් පාණ්ඩ්‍යා ලකුණු 24 ක් රැසකළ අතර අනෙක් පිතිකරුවන්ට ලකුණු 10 සීමාවහෝ පසුකිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

ලකුණු 21 කට කඩුලු 3 ක් දැවී ගිය පසු සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 40 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සූර්යකුමාර් යාදව් සහ කෲනාල් පාණ්ඩ්‍යා සමත්වූ අතර අවසන් කඩුලු 7 ලකුණු 26 ක් තුළ දැවීයාම කැපී පෙණුනි.

සිද්ධාර්ත් කෞල් ලකුණු 23 කට කඩුලු 3 ක් ද රෂීඞ් ඛාන් ලකුණු 11 කට කඩුලු 2 ක් සහ බැසිත් තම්පි ලකුණු 4 කට කඩුලු 2 ක් දවාගනිමින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රණය කරා රැගෙන යාමට සමත්වූහ.

පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද්ට ඕවර 18.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 118 ක් පමණි.

ලකුණු 29 බැගින් රැස්කළ කේන් විලියම්සන් සහ යූසූෆ් පතාන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන්වූ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News