Citizen.lk
 

අඩි 35ක් ගැඹුර LTTE සංවිධානයට අයත් තවත් භූගත බංකරයක් සොයා ගනී - ඡායාරූප

අඩි 35ක් ගැඹුර LTTE සංවිධානයට අයත් තවත් භූගත බංකරයක් සොයා ගනී - ඡායාරූප | kilinochchi banker
Tue 24 April 2018 3:08 pm
524 views

 

කිලිනොච්චිය, පලෙයි, අරසන්කේනි ප්‍රදේශයේදී LTTE සංවිධානයට අයත් භූගත බංකරයක් ඊයේ (23) සොයාගෙන තිබෙනවා.

පුද්ගලයෙකු විසින් අතහැර දමා තිබු ඉඩමක් සුද්ද පවිත්‍ර කරන අවස්ථාවක අදාළ බංකරය දැක ඇති අතර අනතුරුව ඒ පිළිබදව ආරක්ෂක අංශ දැනුවත්කර ඇති බව සඳහන්.

කොටි සාමාජිකයන් විසින් යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාරවලින් බේරීමට මෙම බංකරය අඩි 35ක් තරම් වූ ගැඹුරකට කපා එහි උඩ කොටස ඝන කොන්ක්‍රීට් තට්ටුවකින් වසා ඇති බවට මෙහිදී අනාවරණය වී තිබේ.


මෙම බංකරය තිබූ ස්ථානයේ යුද සමයේදී කොටි කඳවුරක්ද තිබූ බවටද යුද හමුදා නිලධාරීහු සැක පළ කරති. මෙම භූගත බංකරය ඉදිරියේදී විනාශ කර දැමීමට පියවර ගන්නා බවටද යුද හමුදා නිලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ.

Latest News

( 8 views)

You may also like

Latest Videos

( 35 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News