Citizen.lk
 

යාල වනයේ ඇතෙකු ඝාතනය කර ගජමුතු විකුණන්න ගිය නරුමයන් පොලීසියට කොටුවෙයි

යාල වනයේ ඇතෙකු ඝාතනය කර  ගජමුතු විකුණන්න ගිය  නරුමයන් පොලීසියට කොටුවෙයි | Police arrest  two suspects over killing of tusker
Tue 24 April 2018 1:45 pm
444 views

යාල ජාතික වන උද්‍යානයේ සිටි ඇතෙකු ඝාතනය කර ඇතාගේ ගජමුතු රුපියල් ලක්ෂ 70 කට අලෙවි කිරීමට පැමිණි බුත්තල ව්‍යාපාරික දෙමස්සිනෝ දෙදෙනෙකු සහ ඔවුන්ගේ මාමා කෙනෙකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්යාංශය දඹුල්ල ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ගැනුම්කරුවන් ලෙස දුරකථනයෙන් සාකච්ඡා කර ගනුදෙනුව සිදුකිරීමට දඹුල්ලට ගෙන්වා මෙලෙස ඔවුන් තිදෙනො අත්අඩංගුවට ගෙන ඇත.

ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහා විහාරයේ ආසන්නයේ මෙම ගනුදෙනුව සිදු කිරීමට ගැනුම්කරුවන් ලෙස වෙස්වලා ගත් පොලිස් කණ්ඩායම ගජමුතු අලෙවි කිරිමට පැමිණි අවස්ථාවේ දෑත්වලට මාංචු දමා අත්අඩංගුවට ගෙන තිබේ.

යාල ජාතික වන උද්‍යානයේ සිටි දැවැන්ත ඇතෙකු මරා මෙම ඇත්දළ යුගල තුළ තිබූ ගජමුතු ලබාගත් බව ගනුදෙනුවට පෙර පොලිස් නිලධාරීන්ට මෙම සැකකරුවන් ප්‍රකාශ කර තිබිණි.
මොවුන් තිදෙනා ගජමුතු දෙක සහ මෝටර් රථය දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Latest News

( 8 views)

You may also like

Latest Videos

( 35 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News