Citizen.lk
 

ක්‍රිකට් ලොක්කන්ගේ පැටිකිරිය රන්ජන් දිග හරී - වංචා, දූෂණ, තරඟ පවාදීම් ගැන නම් ගම් එක්ක විස්තරේ හෙළි කළේ මෙහෙමයි

ක්‍රිකට් ලොක්කන්ගේ පැටිකිරිය රන්ජන් දිග හරී - වංචා, දූෂණ, තරඟ පවාදීම් ගැන නම් ගම් එක්ක විස්තරේ හෙළි කළේ මෙහෙමයි | Ranjan Ramanayake Truth About Sri Lanka Cricket Press
Mon 23 April 2018 2:08 pm
787 views

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ වංචා පිළිබඳව පසුගිය කාලය පුරා කතාබහ ඇති වූ අතර ඒ අනුව මේ පිළිබඳව ෆයිල් තමන් සතුව ඇති බව රංජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කියා සිටියා. එය ඔප්පු කරමින් ඔහු අද (23) මාදිවල නිවසේදී මේ පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කර සිටියා.

ඒ අනුව පසුගියදා මුත්තයියා මුරලිදරන් විසින් කළ ප්‍රකාශයද උපුටා දැක්වූ රන්ජන් රාමනායක මහතා පවසා සිටියේ ඔහු වැනි පරිණත ක්‍රීඩකයින් පවා මෙලෙසින් පවසන්නේ ක්‍රීඩාවට දේශපාලන ගෑවී ඇති අයුරු පිළිබඳව පෙන්වා දෙමින් බවයි.

ඔහු මෙහිදී සෘජුව චෝදනා එල්ලකර සිටියේ මේ වන විට ක්‍රිකට් මුල් පුටුවේ තනතුරු හොඹවන තිලංග සුමතිපාල මහතාට වන අතර රංජන් රාමනායක මහතා කරුණු පෙන්වා දෙමින් කියා සිටියේ තිලංග සුමතිපාල හට මෙම ධූරයේ කටයුතු කිරීමට නීතියෙන් පවා අවස්ථාවක් නොමැති බවයි. ඒ අනුව පහත කරුණු ඔහු සඳහන් කර සිටියා....

* ක්‍රිකට් සභාපතිවරයා නාම යෝජනා ඉදිරිපත් කිරීමට වසර දෙකකට පෙර යම් මාධ්‍ය ආයතනයක හෝ සංවිධානයට, අයිතිකරුවෙක් හෝ මාධ්‍යවේදියෙක් හෝ ලෙස කටයුතු කර නොසිටිය යුතුය.

*නාම යෝජනා භාරදුන් පුද්ගලයා වසර 4කට පෙර කිසිදු ක්‍රීඩා භාණ්ඩයක් හෝ ආයිත්තම් අලෙවි කිරීම හෝ සැපයීම සිදුකර නොසිටිය යුතුය.

* ක්‍රිකට් මුල් පුටුවේ තනතුර දරන පුද්ගලයා සූදු ක්‍රීඩාවේ හෝ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයකට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇත්නම් ඔහුට එම තනතුර දැරීමේ හැකියාවක් නොමැත.

ඉහත සඳහන් කළ කරුණු අනුව තිලංග සුමතිපාල මහතාගේ අයිතිය ඇති පුවත්පතක් තිබෙන බවත්, ඔහු සම්බන්ධ වී පවත්වාගෙන යන ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරන ආයතනයක් ඇති බවත්, සූදු හා ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාවට සම්බන්ධ ආයතනයක හිමිකරුවෙක් ලෙස සුමතිපාල මහතා කටයුතු කරන බවත් රන්ජන් රාමනායක මහතා පෙන්වා දෙනු ලැබීය. ඒ අනුව මෙම කරුණු එසේ තිබියදී තිලංග සුමතිපාල වැනි අයෙකු ක්‍රිකට් මුල් පුටුවට පත්කර සිටින්නේ යම්කිසි දේශපාලනික අත පෙවීමක් නිසා බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර වැඩිදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ පලිගැනීම් පිළිබඳව අමාත්‍යවරයා පවසා සිටියා. මේ වන විට ලසිත් මාලිංග හට එම පලිගැනීමවල ගොදුරක් වන්නට සිදුව ඇතැයි ඔහු පවසා සිටියේ ක්‍රීඩා ඇමතිවරයා විසින් මාලිංග වෙත එවන ලද කෙටි පණිවුඩයක් පිළිබඳවද තොරතුරු හෙළි කරමින්.

මේ අතර ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් ඉදි කරනවායැයි කියමින් තිලංග සුමතිපාල විසින් මිලියන 25ක චෙක් පතක් ස්වාමීන් වහන්සේ නමකට නිකුත් කර ඇති බවටද මෙහිදී තොරතුරු හෙළි කරනු ලැබුවා. තවද ලක්ෂ 26 හා 12 බැගින් මුදල් වියදම් කර ක්‍රිකට් පොත් එළි දැක්වීමේ සිද්ධියක තොරතුරුද මෙහිදී අමාත්‍යවරයා විසින් අනාවරණය කරනු ලැබුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙහිදී සඳහන් කර සිටියේ මෙම මාධ්‍ය සාකච්ඡාව ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ හෙළිකිරීමේ පළමු අදියර පමණක් බවත් ඉදිරියේදී ක්‍රීඩාවේ ප්‍රභලයින් රැසක්ද එකතු කරගනිමින් දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරීන් නීතිය හමුවට ගෙනයනතුරු සත්‍ය හෙළිකිරීමට තමන් පසුබට නොවන බවයි.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Cricket's Match Fixers - Al Jazeera Investigations | අල් ජසීරා හෙළිකළ ශ්‍රී ලංකා ක්‍රිකට් මුදලට තරඟ පවාදීමේ ඇතුලාන්තය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News