Citizen.lk
 

රාත්‍රියට ඇඳේ තනි වුණාම දරුවන්ව මතක්‌ වෙනවා. මෙතන ඉන්න හැමෝම මහ රෑට ඉකි ගගහා අඬනවා - අවුරුදු නවයක් මහළු මඩමක තනිවුන තාත්තා කියන දුක්බර කතාව

 රාත්‍රියට ඇඳේ තනි වුණාම දරුවන්ව  මතක්‌ වෙනවා. මෙතන ඉන්න හැමෝම මහ රෑට ඉකි ගගහා අඬනවා  -  අවුරුදු නවයක් මහළු මඩමක තනිවුන තාත්තා කියන දුක්බර කතාව  | think that sad story
Mon 23 April 2018 12:20 pm
2,098 views

ජීවිතය කියන්නෙ හරිම පුදුම දෙයක් ඉපදුන දවසේ ඉදලා අපි හරි හම්බ කරන දේවල් බැඳිම් හැමදේම ඈත් වෙන්න ගත වෙන්නේ සුළු මොහොතක්, මොන දේ නැති වුනත් මිනිස්සුන්ට දරා ගන්න අමාරු දෙයක් තමයි බැඳිම් නැති වීම කියන්නේ, මේ ලොකේ බලවත්ම බැඳිම තමයි දරුවන් දෙමාව්පියන් තුළ ඇති වන බැඳීම මවගේ කුසයට ආ දවසේ සිටම ඔවුන් අප සමඟ බිඳිය නොහැකි බැඳීමක් ඇති කරගන්නවා.

ඔවුන් ගේ ජීවිතය දරුවන් කරගන්නවා ඔවුන්ගේ හීනය දරුවන්ගේ දියුණුව වෙනවා ඒ වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතයම කැප කරනවා නොයෙකුත් දුක් විදිනවා. ඉතින් මේ කියන්න යන්නේ දරුවන් ජීවිතය කරගත් රත්තරන් දෙමව්පියන්ට දරුවන් නිසා අත්වෙන දුක්බර ඉරණමක් ගැන. දරුවෙකු වශයෙන් කිසිම දවසක දෙමාව්පියන් තනි නොකරන්න ඔවුන්ව නිරෝගීව සතුටින් තියන්න වග බලාගන්න. මොහොතක් නැවතිලා මේ කතාව කියන්න.


"අනේ මොන සතුටක්‌ ද පුතේ...හි තේ තියෙන ගින්දර දන්නේ මෙතැනි ඉන්න අය විතරයි. රාත්‍රියට ඇඳේ තනි වුණාම මේ හැම දෙයක්‌ම මතක්‌ වෙනවා. මෙතන ඉන්න හැමෝම මහ රෑට ඉකි ගගහා අඬනවා ඇහෙනවා. ඒ සතුටටද? නෑ...මගේ පුතේ...ඒ අය අඬන්නේ තමන් අසරණ වෙලා නේද කියලා මතක්‌ වෙලයි. මෙතැන ඉන්න පාලිකා නෝනලා අපිව අම්මා තාත්තා බලාගන්නවා වගේ තමයි බලාගන්නේ. නමුත් ඒ අයට අපේ පපුවේ පත්තු වෙන ගින්දර නිවන්න බෑ...මයෙ පුතේ...වෙලාවකට ඒ නෝනලා දැන් සීයලා ආච්චිලා බණ අහන්න කියලා බණ පීස්‌ එකක්‌ දාලා දෙනවා. අපිත් බණ අහනවා. ඒත් රෑ වෙනකොට ආයෙත් මහා තනිකමක්‌ දැනිලා ඉබේම ඇඬෙනවා...මේ අවුරුදු 9 ට අඬපු කඳුළු එකතු වුණා නම් ගඟක්‌ වගේ ගලයි මගෙ පුතේ..." ඔහු කියයි.

පුතේ...අවුරුදු කාලෙට අපිව බලන්න ඕනෑ තරම් කට්‌ටිය එනවා. ඒ දරුවෝ තෑගිබෝග දීලා අපේ කකුල් දෙක අල්ලලා වඳිනවා. සමහර දරුවෝ අපිව නාවනවා. හොඳ ඇඳුම් අන්ඳවනවා. රසට කෑම උයාගෙන ඇවිත් අනලා කවනවා...මේවා මෙහෙම වෙනකොට ඇස්‌වලට කඳුළු එනවා. බඩ පපුව පත්තු වෙනවා. අනේ...අපිටත් දරුවො ඉන්නවා නේද කියලා...

මෙහෙම කියන්නේ රඹුක්‌කන අශෝක වැඩිහිටි නිවාසයේ සිටින 89 හැවිරිදි එච්. ආර්. රම්බණ්‌ඩා මහතාය.

"පුතේ...මම මෙහාට ඇවිත් දැන් අවුරුදු 9 ක්‌ වෙනවා. මේ කාලයටම මාව බලන්න ආවේ එක සැරයයි. මට දරුවෝ 10 දෙනෙක්‌ ඉන්නවා. පිරිමි 5 යි, ගැහැනු 5 යි. මුණුබුර, මිණිබිරියෝ 19 ක්‌ ඉන්නවා. දරුවන්ට මෝටර් සයිකල්, ත්‍රීවීල්, වෑන් තියෙනවා. මගේ සමහර පුත්තු පොලිසියේ, හමුදාවේ සේවය කරන අය. ඒත් අනේ මගේ කරුමෙට මේ කිසි කෙනෙක්‌ මාව බලන්න එන්නේ නෑ. මම ඉන්නේ වාහනයකින් එනවා නම් එක පැට්‍රොaල් බෝතලයක්‌ පිච්චෙන දුරක. ඒත් ඒ කිසි දරුවෙක්‌ මාව ඉන්නවා ද මැරිල ද බලන්නේ නෑ. මේවා මතක්‌ වෙනකොට තවත් ජීවත්වෙලා මොකට ද කියලා හිතෙනවා.

මෙතන ඉන්නකොට හැම දේම ලැබෙනවානේ ඉතින් හොඳට සතුටෙන් ඉන්න පුළුවන් දැයි මම ඇසුවෙමි.

"අනේ මොන සතුටක්‌ ද පුතේ...හි තේ තියෙන ගින්දර දන්නේ මෙතැනි ඉන්න අය විතරයි. රාත්‍රියට ඇඳේ තනි වුණාම මේ හැම දෙයක්‌ම මතක්‌ වෙනවා. මෙතන ඉන්න හැමෝම මහ රෑට ඉකි ගගහා අඬනවා ඇහෙනවා. ඒ සතුටටද? නෑ...මගේ පුතේ...ඒ අය අඬන්නේ තමන් අසරණ වෙලා නේද කියලා මතක්‌ වෙලයි. මෙතැන ඉන්න පාලිකා නෝනලා අපිව අම්මා තාත්තා බලාගන්නවා වගේ තමයි බලාගන්නේ. නමුත් ඒ අයට අපේ පපුවේ පත්තු වෙන ගින්දර නිවන්න බෑ...මයෙ පුතේ...වෙලාවකට ඒ නෝනලා දැන් සීයලා ආච්චිලා බණ අහන්න කියලා බණ පීස්‌ එකක්‌ දාලා දෙනවා. අපිත් බණ අහනවා. ඒත් රෑ වෙනකොට ආයෙත් මහා තනිකමක්‌ දැනිලා ඉබේම ඇඬෙනවා...මේ අවුරුදු 9 ට අඬපු කඳුළු එකතු වුණා නම් ගඟක්‌ වගේ ගලයි මගෙ පුතේ..." ඔහු කියයි.

මේ දිග කතාව ඔබට කිව්වේ යමක්‌ හිතන්නයි. ඒත් කෙනකුට හිතෙන්න පුළුවන් මේ එක්‌ කෙනකුගේ කතාවක්‌ කියලා. එහෙත් ඇත්ත එය නොවේ. සත්‍ය නම් වැඩිහිටි නිවාසවල සිටින සියලු දෙනාගේම කතාව මෙය බවයි. ඉතින් ඔබත් හිතන්න. මේ තත්ත්වයක්‌ ඔබටත් කෙදිනක හෝ උදා වුණොත්...ඒ නිසා පෙර සූදානම බොහෝ වැදගත් බවයි මට හැඟෙන්නේ...

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News