Citizen.lk
Citizen News Line
 

මුහුදු ප්‍රදේශ අවට සිටින ජනතාව විමසිලිමත්ව සිටින්න - අපදාකළමණා කරන මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කරයි

මුහුදු ප්‍රදේශ අවට සිටින ජනතාව විමසිලිමත්ව සිටින්න - අපදාකළමණා කරන මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කරයි | wather report
Sun 22 April 2018 4:05 am
283 views

 


බලපිටිය සිට මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ මුහුදු රළ ඊයේ රාත්‍රියේ සිට ලබන 23 වැනිදා දක්වා , මීටර් 2-3 ත් අතර අගයකින් ඉහළ යා හැකි බැවින්, ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින්නැයි අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම ඇතැම් මුහුදුබඩ මාර්ග වලට උඩින් මුහුදු රළ පහර ගසා තිබුණා. එම ස්ථාන වල වැලිවලින් යටවී ඇති අයුරුද දැක ගැනීමට ලැබෙන බවයි ප්‍ර දේ ශ කිහිපයක ජනතාව කියා සිටියේ.

කෙසේ වෙතත් මුහුද ආසන්නයේ ඇති නිවෙස්වල සිටින ඩනතාවට මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසයි අපදාකළමණා කරන මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News