Citizen.lk
 

හෙට සිට වහාම ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථ නීතිය මෙන්න

 හෙට සිට වහාම ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථ නීතිය මෙන්න | three wheel
Thu 19 April 2018 7:48 pm
947 views

 

ත්‍රීරෝද රථ සඳහා පසුගිය දා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පැනවූ නීතිය හෙට (20) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම සභාව දැනුම් දෙනවා.


ඒ අනුව මගියාට බිල්පතක් නිකුත් කළ හැකි වන සේ ත්‍රීරෝද රථ සඳහා මීටරයක් අනිවාර්ය වෙනවා.

මෙලෙස බිල්පත් නිකුත් නොකෙරන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් ඔබටද අදාළ අංශ වෙත පැමිණිලිකිරීමේ අවස්ථාව ඇති අතර, එවන් බිල්පත් නොදෙන රියදුරන් පිළිබඳව මාර්ග ආරක්ෂව පිළිබඳ ජාතික සභාවේ 0112 696890 යන දුරකථන අංකයට පැමිණිලි කළ හැකියි.


මගී ත්‍රිරෝද රථවල විවිධ දුර සඳහා විවිධ මිල ගණන් අයකිරීමේ ප්‍රවණතාවක් පැවති අතර මේ හේතුවෙන් මගී ජනතාවද අපහසුතාවට පත්විය.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මගියාට බිල්පතක් නිකුත් කළ හැකි වන සේ ත්‍රීරෝද රථ සඳහා මීටරයක් සවි කිරීම සඳහා මාස 06ක සහන කාලයක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ත්‍රී රෝද රථ රියදුරන්ට ලබාදෙනු ලැබීය.

ඒ අනුව එම කාලය අප්‍රේල් මස පළමු වැනිදායින් අවසන් වූ අතර හෙට සිට එය අනිවාර්ය වේ.‍

Latest News

( 8 views)

You may also like

Latest Videos

( 35 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News