Citizen.lk
 

අන්ධයෙකුට මැණිකකින් ඵලක් නැත්තා සේම රටේ දක්ෂයන්ගෙන් ඵලක් නොගන්නා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ගිලි හී ගිය තවත් තරුවක් විදෙස් ගතවෙයි - වීඩියෝ

 අන්ධයෙකුට මැණිකකින් ඵලක් නැත්තා සේම රටේ දක්ෂයන්ගෙන් ඵලක් නොගන්නා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ගිලි හී ගිය තවත් තරුවක් විදෙස් ගතවෙයි - වීඩියෝ | Exclusive Interview - Prabath Nishshanka - Head coach at Casey-South Melbourne Cricket Club
Thu 19 April 2018 5:28 pm
2,815 views

තම දක්ෂතා වලින් මෙරටට සේවයක් කිරීමට අවශ්‍යතාවය පැවතියත් රටේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළු අදාල බළධාරීන්ට කිසිදු උවමනාවක් නොමැති බව ඕස්ට්‍රේලියාවේ වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස සේවයේ නියුතු ප්‍රභාත් නිෂ්ශංක මහතා පවසනවා.

මෙරට හා විදේශීය සුදසුකම් වලින් මෙන්ම අද්දැකීම් වලින් පරිපූර්ණ පුහුණු කරුවෙකු වන නිෂ්ශංක මහතා මෙරට වේග පන්දු යවන්නන් පුහුණු කිරීම සඳහා එකතු වීමට තමා කැමැත්තෙන් පසුවන නමුත් ඊට බළධාරීන්ගේ කිසිදු ප්‍රතිචාරයක් හිමි වී නොමැති බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණු කරුවෙකු ලෙසද ප්‍රභාත් නිෂ්ශංක මහතා සේවය කර ඇති අතර, ඕස්ට්‍රේලියාවේ දකුණු මෙල්බනයේ කේසි ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණු කරුවෙකු ලෙසද දැනට කටයුතු කරනවා.

ඔහු මේ වන විටත් විදේශ ගත වී ඇති අතර, මෙරට ක්‍රිකට් වේගපන්දු යවන්නන් පුහුණු කිරීමට ආරාධනාවක් ලැබෙන්නේ නම් ඒ ඔනෑම මොහොතක තම රටට සේවය කිරීමට කැමැත්තෙන් පසුවන බවයි ඔහු කියා සිටියේ.

මේ‍ Citizen අපි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් ඔහු සමග කළ කළ කතාබහක්

Latest News

( 8 views)

You may also like

Latest Videos

( 35 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News