Citizen.lk
 

සියයට 15ක රන් බද්ධ නිසා රන් මිල වෙනස් වෙන්නේ මෙහෙමයි

සියයට 15ක රන් බද්ධ නිසා රන් මිල වෙනස් වෙන්නේ මෙහෙමයි | new gold price
Thu 19 April 2018 12:46 pm
730 views

 

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රන් සඳහා තීරු බදු පැනවීමෙන් අනතුරුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 6000කින් පමණ ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බදු වැඩිවීමත් සමඟ කැරට් 22 රන් පවුමක නව මිල රුපියල් 57,000 ඉක්මවන අතර එහි පැරණි මිල වුණේ රුපියල් 51,000ක්. එමෙන්ම නව තීරු බදු හේතුවෙන් කැරට් 24 රන් පවුමක් රුපියල් 7000කින් පමණ ඉහල ගොස් තිබෙනවා. දැනට කැරට් 24 රන් පවුමක් රුපියල් 55,000කට පමණ අලෙවි වන අතර නව මිල වැඩි වීමට අනුව එම රන් පවුමක් අලෙවි වන්නේ රුපියල් 62,000ක මිලකටයි.

ආනයනය කරනු ලබන රන් සඳහා වටිනාකම මත සියයට 15ක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට තීරණය කරනු ලැබුවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News