Citizen.lk
 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මුදල් රහිතව ගනුදෙනු කළ හැකි වෙළඳපොළක් JustPay වෙතින් ලබාදුන් වගයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මුදල් රහිතව ගනුදෙනු කළ හැකි වෙළඳපොළක් JustPay වෙතින් ලබාදුන් වගයි | JustPay powers first cashless sale in Sri Lanka
Thu 19 April 2018 10:12 am
1,401 views

වෙළඳ නියෝජිතයින්ට ගෙවීම පදනම් කරගත් JustPay සේවාව, LankaPayවිසින් 2018 මාර්තු මස 4 වැනිදා රාජකීය විද්‍යාලයේ MAS Arena හිදී හඳුන්වාදෙන ලදී. කාර්ගිල්ස් බැංකුවේ සහයෝගිත්වයෙන් JustPay බලගන්වන UPay ස්මාර්ට්ෆෝන් app එක හඳුන්වාදීම එහිදී සිදු කළ අතර, ඒ සඳහා කුඩා පරිමාණ ව්‍යාවසායකයින් 75කට වැඩි පිරිසක් සහ ස්මාර්ට්ෆෝන් පරිශීලකයින් බොහෝ සංඛ්‍යාවක්ද සහභාගි වූහ. තවද එහිදී ස්මාර්ට්ෆෝන් app එකක් භාවිත කර මුදල් රහිතව ගනුදෙනු කිරීමේ අවස්ථාව, ශ‍්‍රී ලංකාවේ පළමු වරට පාරිභෝගිකයින් වෙත සලසාදෙන ලදී.

ශ‍්‍රී ලංකාව මුදල් රහිතව ගනුදෙනු කිරීමේ යුගයක් වෙත ගෙනයාමේදී කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා මෙවැනි ක‍්‍රමවේදයක් හඳුන්වාදීම, කාලෝචිත මෙන්ම මුදල් රහිතව ගනුදෙනු කරන අනාගතයක් වෙත තැබූ යෝධ පියවරක් සේ ද සැලකිය යුතු වේ. දැනට කුඩා පරිමාණ ව්‍යාපරිකයින්ගේ ගනුදෙනු සඳහා බැංකු ණයපත් හා හරපත් මගින් අය කරගනු ලබන 2-3‍% තරම් වූ කොමිස් මුදල හේතුවෙන් ඔවුන් ඒ සඳහා පෙළඹවීම අපහසු වී ඇත. නමුත් LankaPay එම අවස්ථාව හඳුනාගනිමින් ගනුදෙනු සඳහා වූ කොමිස් මුදල (MBR)අවම අගයක් දක්වා පහළ ගෙන ඇති අතර, එය ඔවුන්ට ඉතාමත් පහසුවෙන් ගනුදෙනු කිරීමට සලසා දුන් අනගි පියවරකි. එමෙන්ම මේ සමග අත්වැල් බැඳගෙන සිටින සියලූම බැංකු මගින් ඒ සඳහා සාදාරණ කොමිස් මුදලක් ලබාදීමට එකඟ වී ඇති අතර, මුදල් රහිත ගෙවීම් ක‍්‍රමවේදයේ පැහැදිලි දියුණුවක් මේ හරහා අත්විඳිය හැකි වනු නියතය.

මුදල් රහිත UPay වැනි නවීන FinTech ක‍්‍රමවේදයක් මගින් පාරිභෝගිකයින්ට උපරිම පහසුවක් සැලසෙන අතර, පවතින ගෙවීම් ක‍්‍රමයට වඩා මෙම ක‍්‍රමවේදය අනාගතයේදී ගනුදෙනු සිදු කිරීම සඳහා විශාල පහසුවක් වනු ඇත. එම මොහොතේදීම ගෙවන මුදල අළෙවිකරුගේ ගිණුමට බැරවෙමින් වඩා පහසුවෙන් ගනුදෙනු කිරීමට ස්මාර්ට්ෆෝන් සඳහා හඳුන්වාදෙනු ලබන, මෙම app එක මගින් පාරිභෝගිකයින්ගේ අත්දැකීම මත වෙළෙන්ඳුන් ශ්‍රේණිගත (Rating) කිරීමටද අවස්ථාව හිමිවේ. UPay මගින් හඳුන්වාදී ඇති ූඍ ජදාැ එක මගින් ගනුදෙනුවක් කිරීමේදී දෙපාර්ශ්වයටම සිදු වන අපහසුතාවයන් වළක්වනු ලබන අතර එය ඒ සඳහා ඇති කදිම විසඳුමද වෙනු ඇත. මුදල් රහිතව රටපුරාම මෙම ක‍්‍රමවේදය හරහා ගනුදෙනු කිරීමට හැකිවීම, අනාගතයේදී පොදු ජනතාව අත්පත් කරගනු ලබන විශාලතම ජයග‍්‍රහණයද වනු නොඅනුමානය.

JustPay මගින් මුදල් භාවිත කර සිදු වන ගනුදෙනුවකදීට වඩා වැඩි පහසුවක් පාරිභෝගිකයින්ට හිමි වෙන්නේ කෙසේද? පෙර පැවති ක‍්‍රමවේදය අනුව අළෙවිකරු හා පාරිභෝගිකයා යන දෙදෙනාටම එකම බැංකුවක ගිණුමක් පවත්වාගත යුතු වුණා. නමුත් LankaPay ලෙස අපට හැකි වුණා එසේ පොදු බැංකුවක් නොමැතිව, එවේලේම මුදල් හුවමාරු කරගත හැකි ක‍්‍රමවේදයක් සකස් කිරීමට. මෙහිදී UPay app එක හරහා බැංකු තොරතුරු ඇතුළත් කිරීමෙන් පාරිභෝගිකයාට මෙම පෙරළිකාර ක‍්‍රමවේදයට පහසුවෙන්ම Register වෙන්න පුළුවන්. ඉන්පසු JustPay ගෙවීම් ක‍්‍රමවේදය මගින් ඔහු හෝ ඇය මිලදී ගන්නා ඕනෑම දෙයකට එක Click එකකින් එසැනින් ගෙවීම් සිදු කිරීමේ හැකියාව හිමිවෙනවා. එමෙන්ම හාඩ්වෙයාර් එකකදී, ෆාමසියකදී, සිල්ලර කඩයකදී පමණක් නොව, ඉරිදා පොළෙන් වූවත් පහසුවෙන්ම ගනුදෙනු සිදු කිරීමේ හැකියාව නොබෝ දිනකින් උදාවෙනු ඇත.

LankaPayවිසින් මෙම හඳුන්වාදීම තුළින්, පාරිභෝගිකයින් වෙත ගනුදෙනු කිරීම සඳහා වඩාත් පහසු ක‍්‍රමවේදයක් සලසාදෙමින් බැංකුව සහ ගිණුම් හිමියා මධ්‍යගත වූ ක‍්‍රියාවලියක් මගින් ගනුදෙනුවක් කිරීමට ගතවන කාලය අවම කර, පහසුව උපරිම මට්ටමක් දක්වා ළඟා කර ඇත. ස්මාර්ෆෝන් එක හරහා Register වීමෙන් පසු ගනුදෙනුවකදී, පාරිභෝගිකයාට නොබෝ දිනකින් එළිදකින අනෙක් පර්ශ්වයේ කෙටි නම(Nick Name) සහ ජංගම දුරකථන අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය පමණි. මෙම මධ්‍යගත ක‍්‍රමවේදය සති කිහිපයකින් පාරිභෝගිකයින් වෙත හිමිවන අතර QR Code එකක් වෙළඳසැලේ අලවා එමගින් ගනුදෙනු කිරීමේ අවස්ථාවද ළඟදීම උදා වනු ඇත. තවද SMS පණිවුඩයක් මගින් ගනුදෙනුව තහවුරු කෙරෙනු ලබන අතර එමගින් විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු කර ඇත.

කාර්යබහුල ජීවන රටාවක් ගතකරන ඔබට ''Quickee'' හෝ Grasshoppers” වැනි බෙදාහැරීමේ සේවාවක් මගින් ආහාර හෝ ඕනෑම භාණ්ඩයක් ඇනවුම් කිරීම සඳහාද මෙය භාවිත කළ හැක. මෙමගින් ඔබේ කාලය උපරිමයෙන් ඉතිරි කරගත හැකිවන අතර, ඉදිරියේදී සිදුවන ඩිජිටල්කරනය හා බැඳුනු දියුණුව හේතුවෙන් සෑම නිෂ්පාදනයක් හා සේවාවක්ම ඔබ අසටලටම ගෙන්වාගැනීමට තරම් පහසුකම් රැසක් අනාගතයේදී මේ හරහා ඔබට අත්විඳිය හැකිවනු ඇත. නිවෙස අසල සිල්ලර කඩයට, ලොන්ඩරියට පමණක් නොව නිවසේ සේවිකාවන්ට පවා මුදල් භාවිතයෙන් තොරව පහසුවෙන්ම ගෙවීම් සිදු කිරීමේ අවස්ථාව මේ හරහා ඔබට හිමිවේ.

FinTech apps සාමාන්‍ය ජනතාව මුහුණදෙන ගැටලූවලට තාක්ෂණය හරහා නවෝත්පාදන විසඳුම් ඉදරිපත් කරනු ලබයි. JustPay සමග මේ වනවිටත් UPay, IPay සහ DirectPay අත්වැල් බැඳගෙන සිටින අතර, ඉදිරි සති කිහිපය තුළ Genie, FriMi සහ PickMe app ද එක් වීමට නියමිතය.

සම්පත්, කාර්ගිල්ස් සහ ලංකා බැංකු පාරිභෝගිකයින්ට මේ වන විටත් මෙමගින් සේවාවන් ලබාගත හැකි අතර, නුුදුරේදීම HNB සහ කොමර්ෂල් බැංකු පාරිභෝගිකයින්ටද මෙම පහසුකම අත්විඳීමට අවස්ථාව හිමිවේ. ඒ අනුව දෛනික ජීවිතයේ අවශ්‍යතා කඩිනමින් හා පහසුවෙන් ඔබ වෙතටම ළඟා කරදෙන මෙම ක‍්‍රමවේදය වඩා සීග‍්‍රයෙන් මිනිසුන් අතර ප‍්‍රචලිත වනු නොඅනුමානය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News