Citizen.lk
Citizen News Line
 

අවුරුදු දා මාර්ග නීතී කැඩූ 8,600කට නඩු - බීමත් රියැදුරන් 438ක් අත්අඩංගුවට

අවුරුදු දා මාර්ග නීතී කැඩූ 8,600කට නඩු - බීමත් රියැදුරන් 438ක් අත්අඩංගුවට | 438 drivers  arested  awurudu day
Sun 15 April 2018 7:18 pm
131 views

අලුත් අවුරුද්ද උදා වූ ඊයේ දින පමණක් මාර්ග නීතී උල්ලංඝනය කළ 8,600කට අධික පිරිසකට නඩු පවරා තිබේ.

රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධීකාරි ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළේ, ඒ අතර බලපත්‍ර නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය පැදවීම ඇතුළු මාර්ග නිතී උල්ලංඝණය කිරිම වැනි වැරදි වාර්තා වන බව ය.

මේ අතර ඊයේ දින පමණක් බීමත්ව රිය ධාවනය කළ රියැදුරන් 438 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලිසිය පැවසුවේ, ඊයේ පමණක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මාරක රිය අනතුරු 12 ක් වාර්තා වන බව ය. රිය අනතුරු හේතුවෙන් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු ද මියගොස් ඇති බව ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළේය.

මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා තව දුරට ත් දීප ව්‍යාප්තව කණ්ඩායම් යොදවා ඇති බව ද පොලීසිය පවසයි.න් විමසන තෙක් තවමත් ඒ පිළිබඳ ඔවුන්ට වාර්තාවී නොමැති බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News