Citizen.lk
 

සෞදි කතුන්ට හමුදා සේවයට ඇතුළත් වීමට නීති මාලාවක්

සෞදි කතුන්ට  හමුදා සේවයට ඇතුළත් වීමට නීති මාලාවක් | Saudi Arabia allows women to join military
Thu 22 March 2018 5:35 pm
9,257 views

සෞදි කාන්තාවන්ට එරට හමුදා සේවයට ඇතුළත් වීමට ද සෞදි රජුගේ අවසරය හිමිවී ඇති බව පසුගියදා විදෙස් මාධ්‍ය අනාවරණය කරන කළා.එම රාජආඥාවට අනුව පසුගිය 28 වෙනි දින සිට සෞදියේ රියාද්, මක්කම, අල් කසීම් සහ මදීනා යන නගරවලදී කාන්තාවන් හමුදා සේවයට බදවා ගැනීම සිදු කිරීමට නියමිත බවත් තම තමන් කැමැති තනතුරු වෙනුවෙන් අයැදුම්පත් නිකුත් කිරීම කළ හැකි බවත් සෞදි රජය එරට කාන්තාවන්ට දැනුම් දී ඇත.හමුදා සේවයට බඳවා ගැනීමේදී අවුරුදු 25 ත් 35 ත් අතර වයස් සීමාවක් දක්වා තිබෙන අතර එම වයස් අතර කාන්තාවන්ට අයදුම්කළ හැකිවීමත් ඔවුන් උසස් අධ්‍යාපනය ලැබූ සෞදි ජාතිකයින් වීමත් අනිවාර්ය වෙනවා.එමන්ම ආරම්භක අදියරේදී දොලොස් දෙනකු පමණක් බඳවා ගැනීමට නියමිත අතර ඔවුන් ආරක්ෂක සේවා සඳහා යෙදවෙනු ඇති අතර සටන් බිමට යැවීක් සිදු නොකරන බව යි වාර්තා වන්නේ.සෞදි අරාබිය තුළ මෑත කාලීන සිදුවෙන නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී තිබෙන අතර මේ සියල්ලල්කම සිදු වන්නේ ඔටුන්න හිමි සෞදි කුමරු මාහොමද් බින් සල්මාන්ගේ උපදෙස් අනුව බවත් පැවසෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News